IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘එස්ටීඑෆ් විකී’ මත්කුඩු සමඟ අත්අඩංගුවට

(හේමලතා ඩී හේවගේ)

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරියකු ලෙස පෙනී සිට පොලීසිය නොමග යවමින් මහා පරිමාණයෙන් කුඩු බෙදාහරින ‘එස්ටීඑෆ් විකී’ නැමති අනුවර්ත නාමයෙන් හැඳින්වෙන පාතාල සාමාජිකයකු මත්කුඩු සමඟ අද (21) අත් අඩංගුවට ගත්බව ගිරිඋල්ල පොලීසිය පවසයි.    

අත්අඩංගුවට ගත් සැකකරු යක්විල,  බෝගමුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි විවාහකයකු වන අතර මොහු කාලයක් විශේෂ කාර්ය බළකායේ සේවයේ යෙදී සිට පසුව ඉන් ඉවත්වී ඇමැති ආරක්ෂක අංශයේ සේවය කර තිබේ.

මෙම සැකකරුට 2011 වසරේ මිනීමැරුම් චෝදනාවක් හා 2015 වසරේ වෙඩි තැබීමක් සහ බෝම්බයක් ළඟ තබාගැනීම ඇතුඵ චෝදනා රැසක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබූ අයෙක් බව පොලීසිය පවසයි.

කුලියාපිටිය, නාරම්මල, අනුරාධපුරය ඇතුඵ ප්‍රදේශ ගණනාවකට මහා පරිමාණයෙන් කුඩු බෙදාහරින සැකකරු විශේෂකාර්ය බළකායේ, හැඳුනුම්පතේ පිටපතක් පෙන්වමින් පොලීසිය මඟහැර මෙම කාලයක සිට ජාවාරමේ නිරතව ඇති බව පොලීසිය විසින් කරන ලද පරීක්ෂණවලදී  අනාවරණය වී තිබේ.                                                  



අදහස් (0)

‘එස්ටීඑෆ් විකී’ මත්කුඩු සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site