(ඉන්දිකා රාමනායක)
කටාර් රාජ්‍යයේ සිට එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධන කටයුතුවල නිරත වූ බව කියන පුද්ගලයෙක් මුල්ලියාවේලි නිරෝධායන මධ්‍යස්ථානයේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය .
සැකකරුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා ලබාගත් නිල් නිවේදනයෙන් අනතුරුව සැකකරු එරටින් පිටුවහල් කර ඇති අතර ඔහු මුල්ලියාවේලි නිරෝධායන මධ්‍යස්ථානයේ දී දින 14 ක කාලයක් නිරෝධායනය කාලය අවසන් කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පාක්‍යතුරේ නගුලේශ්වරන් නැමැත්තාය.
සැකකරු 2019 වසරේ කටාර් රාජ්‍යයට පලා ගොස් ඇති අතර..එහිදී එල්ටීටීඊ ප්‍රවර්ධන කටයුතු වල නිරත වෙමින් සිට ඇත .
.
COMMENTS