(නිමන්ති රණසිංහ)
තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා මරා දැමීමේ සිද්ධියට අදාළව යුද හමුදා ගැමුණු හේවා බලකායේ මෝදර කඳවුරට අනියුක්ත තවත් යුද හමුදා සාමාජිකයන් පස්දෙනෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙම සිද්ධියට අදාළ බව කියන එම බුද්ධි අනුඛණ්ඩය භාරව සිටි නිලධාරියා ද අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සැකකරුවන් අදාළ ඝාතනයට උපයෝගී කරගත් බව කියන කැබ් රථ දෙකක් ද කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම සිද්ධියට අදාළව පොලීසිය අත්අඩංගුවට ගත් එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන ග්‍රාමනිලධාරිනිය සහ යුද හමුදා කෝප්‍රල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් 09 දෙනකු ලබන 30 වැනිද තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කර තිබේ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එල්ලේ නායක ඝාතනයට හමුදා සාමාජිකයන් තව පහක් අල්ලයි
Kamal Saturday, 18 September 2021 07:22 AM
ලෝකෙ ඉන්න හොඳම හමුදාව කීවට මෙහෙම වැරදි වෙන්න පුලුවන්.
විජේ Saturday, 18 September 2021 07:23 AM
නිකම්ම නිකං බුද්ධි අංශයේ වෙන්ඩ බෑ,