IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනයට හමුදාවේ 15ක් රිමාන්ඩ් බාරයට

(නිමන්ති රණසිංහ)

තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා මරා දැමීමේ සිද්ධියට අදාළ යුද හමුදා ගැමුණු හේවා බළකායේ මෝදර කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අනූජ සමන්ත තිලකරත්න ඇතුලු සැකකාර යුද හමුදා සාමාජිකයින් 15 දෙනා ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද 01 නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන ග්‍රාමනිලධාරිනිය, යුද හමුදා ලුතිතන් කර්නල්වරයා, කෝප්‍රල්වරයා ඇතුථ යුද හමුදා සාමාජිකයන් 15 දෙනකු බන්ධනාගාරය මගින් අද (01) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙම සැකකරුවන් බුද්ධි නිලධාරීන් වන බැවින් ඔවුන්ට බන්ධනාගාරය තුළ ආරක්ෂාවක් සපයන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග නිකුත් කරන මෙන් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කළහ.

මෙම සැකකරුවන් සිදුකර ඇත්තේ බුද්ධි මෙහෙයුමකින් සිදුකරන ලද්දක් නොවන බැවින් තමා එවැනි නියෝගයක් නිකුත් නොකරන බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළාය.

මෙම සිද්ධියේ මරණයට පත්ව ඇත්තේ තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා වන පිංචාදේවගේ අකිල සම්පත් රත්නසිරි නමැති 37 හැවිරිදි තිදරු පියෙකි.

 



අදහස් (4)

එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනයට හමුදාවේ 15ක් රිමාන්ඩ් බාරයට

Don perera Friday, 01 October 2021 12:57 PM

හාමුදුරුවනේ, අපේ රණවිරුවන් දංගෙඩියට ගෙනියනවෝ..!

:       0       9

Jagath Nisantha . Arachchi kittuwa. Friday, 01 October 2021 02:00 PM

අපේ පෙරකදෝරුවෝ කියනවලු මේ මන්ද බුද්ධික නිලධාරීන්ට දැඩි ආරක්ෂාවක් දෙන්න කියලා.. අනේද කියන්නේ?

:       0       7

පැරකුම්Friday, 01 October 2021 02:17 PM

කව්ද මන්ද බුද්ධික? නිලධාරීන්ද? පෙරකදෝරුවන්ද?

:       2       2

Don kumars Friday, 01 October 2021 02:52 PM

මේ කුරීරු ඝාතනයත් යුදහමුදා බුද්ධි අංශ ගිණුමට බැර කරන්න යන්නේ ඇයි? අවසානයේ සාක්ෂි නැති තවත් එක් මරණයක් විය හැකියි...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 367 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site