ශ්රී ලංකාවේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට සබඳතා ඇතැයි සැකකරන පුද්ගලයින් හත්දෙනකු අද (10) අත්අඩංගුවට ගත් බව මැලේසියානු පොලිසිය පවසයි.
එම හත්දෙනා අතර දේශපාලනයේ නිරත පුද්ගලයින් දෙදෙනකු ද සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
2014 වර්ෂයේ සිට මේ දක්වාම මැලේසියාවේ තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇති දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට උදව් කිරීම, අනුග්‍රහය දැක්වීම, සාමාජිකයින් බඳවා ගැනීම සහ අරමුදල් රැස් කිරීම යන චෝදනා ඔවුන්ට එල්ල වී ඇත.
ශ්‍රී ලංකාවේදී පරාජය කරන ලද එල්ටීටීඊ සංවිධානය නැවත ක්‍රියාත්මක කරවීමට උත්සාහ දරන බවට වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් මේ සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් මැලේසියානු පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානී අයෝබ් ඛාන් මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත.
(085)
COMMENTS
මෙහෙ ගෙනල්ල නිදහස් කරයි.
මේ වගේම ප්‍රවෘත්තියක් මීට කලින් තිබ්බ ඡන්දයක් ආසන්නයේ පල වුනා මතකයි.
තමන්ගේ රටටත් ලෝකයටත් ආදරය කරන පාලකයෝ සහ ආරක්ෂකයෝ ඉන්න රටක් ! දිගුකල් වැජඹේවා !!!
සංහිදියාව රැක ගැනීමට තිබෙනවා. දෙමල ඡන්ද ටික නිසා දෙමල්ලු තරහ කරගෙන බැහැ එනිසා වහාම නිදහස් කරන්න
මැලේසියාවේ රජයට තේරෙන දේවල් ලංකාවේ රජයට තේරෙන්නේ නැහැ.. හිතා ගන්න පුළුවන් ද මැලේසියාවේ මේ වගේ නැටුමක් නටන්න ගියා නම් කොටින්ට කොහොම සලකන්න තියෙන්න ඇති ද කියලා? ඒ තමයි රට සහ ජාතිය ගැන අවධානයෙන් ඉන්න රටවල්. අපේ තියෙන්නේ රට ජාතිය පාවලා දීලා පුළුවන් නම් ගානකට විකුනලා දාන්න බලාගෙන ඉන්න පාලකයෝ ටිකකුයි , අපිට පෙනෙන්න එක රංගනයක් ඉදිරිපත් කරගෙන යටින් වෙන වෙන ගේම් දෙන විපක්ෂයකුයිනේ. අපි මෙහෙමවත් ඉතුරු වෙලා ඉන්න එකත් පුදුමයක්..