IMG-LOGO

එපා කියද්දි එගොඩ වූ සිව්දරු පියා අතුරුදන්

(අජිත්ලාල් ශාන්තඋදය සහ පැල්ඩුල්ල අරුණ එස් හේරත්)

දොගොඩතලා යමින් තිබූ කිරිඳිගඟේ පැල්මඩුල්ල නගරයට පානීය ජලය සපයන ජල මූලාශයට ද ඉහළින් පිහිටි කුට්ටාපිටියේ, වටවල ඉමේකැලේ සපත්තු පාලම අවට සිටි ජනතාවගේ විරෝධය ද නොතකා එගොඩ වෙද්දී ජල පහරට හසුව ගසා ගොස් සිවුදරු පියාගේ සිරුර තවමත්  හමු නොවු බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.

වටවල ඉමේකැලේ පදිංචිව සිටි 55 හැවිරිදි ඉමේකැලේ අලංකාරගේ රෝබෝසිඤ්ඤෝ යන අය මෙසේ අතුරුදන්ව ඇත.

අතුරුදන් තැනැත්තා පැල්මඩුල්ල නගරයට ගොස් ආපසු පැමිණෙද්දී මෙම අනතුරට මුහුණ පා ඇති බවට තොරතුරු ලැබුණු බව පැල්මඩුල්ල පොලීසිය පැවසීය.

පැය කිහිපියක් තිස්සේ පැවති අධික වැස්සත් සමග ප්‍රදේශයේ ඇලදොලවල්වල ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණි. පැල්මඩුල්ල නගරයට ජලය සපයන ජලමූලාශ්‍රය වූ කිරිඳි ගඟද  අඩි 4කට වඩා ජල මට්ටම ඉහළ ගිය බව ප්‍රදේශවාසීහු කීහ.

වටවල ඉමේකැලේ ගමේ සිට පැල්මඩුල්ල දෙසට එන අයත් පැල්මඩුල්ල සිට ඉමේකැලේ ගමට යන අයත් කිරිඳි ගඟ ඉවුරේ සපත්තු පාලම දෙපැත්තේ බලාසිටියදී මෙම සිද්ධියට වූ බව ඇසින් දුටුවෝ කීහ.

පැල්මඩුල්ල නගරයට පානීය ජලය සපයන ජල මූලාශ්‍රය ඇත්තේද මෙම තැනැත්තා අතුරුදන්වූ ස්ථානයට පහළින් බව පොලීසිය පැවසීය. සුප්‍රසිද්ධ ‘කිරිඳි ඇල්ල’ ඇත්තේ ද ඊටත් පහළිනි. රොබෝසිඤ්ඤෝ මහතා අතුරුදන්වූ පාලමට පැල්මඩුල්ල නගරයේ සිට කිලෝමීටර් 8ක් පමණ ඇතිබව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පැවසූහ.

කිරිඳිගඟේ ජල මට්ටම යම් ප්‍රමාණයකින් අඩුව ඇති නමුත් එහි බැසීම තරමක් අවදානම් නිසා ඉවුරු දෙපැත්තේ සිට සෝදිසි කළද තවමත් සිරුර හමු නොවූ බව පැල්මඩුල්ල පොලිසිය සඳහන් කරයි.



අදහස් (2)

එපා කියද්දි එගොඩ වූ සිව්දරු පියා අතුරුදන්

darmasena Saturday, 12 October 2019 05:20 AM

ඕකම තමයි අපේ සජිත් මහත්තයාටත් වෙන්නේ ..

:       408       514

kamal Sunday, 13 October 2019 01:38 AM

එපා කියද්දිත් ගියානම් ඉතින් අත්වැරදීමකින් උන් දෙයක් නෙමෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 136 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site