
(ටී.කේ.ජී.කපිල )
කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීමට ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 5 ක් ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙසින් අද (28) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය .
ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 281 දරන ගුවන් යානය මෙම එන්නත් තොගය අද (28) දහවල් 11.35 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණියේය .
මෙම එන්නත එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් ඇස්ට්‍රාසෙනිකා ආයතනය සමඟ නිපදවා සංවර්ධනය ඇති අතර ඒවා ඉන්දියාවේ මුම්බායි හි " සීරම් ඉන්ස්ටිටියුට් " ආයතනයේ නිෂ්පාදන කර ඇත.
මෙම ගුවන් යානයේ ශීතාගාරය තුළ එන්නත් ලක්ෂ 05 ක ප්‍රමාණය ඇසුරුම් 42 ක අසුරා තිබුණි . ඒවායේ මුළු බර කිලෝ ග්‍රෑම් 1,323 ක් විය.
මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 20 දෙනෙකු ද ශ්‍රී ලංකාව බලා පැමිණ තිබිණි. මෙම එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑ සැනින් , කටුනායක ගුවන් තොටුපළ ආනයනය ගුවන් භාණ්ඩ ගබඩාවේ ශීතාගාරය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි.
මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර ගැනීමට උත්සවයක් ද කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය සමීපයෙහි සංවිධානය කර තිබුණි .
එහිදී ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් .කේ.ජේකබ් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් බාර දීම සිදු කෙරුණි .
මෙම අවස්ථාවට කොවිඩ් මර්දන කටයුතු බාර රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ , සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග , අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන , ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග ඇතුළු තවත් මෙම රෝගය මර්දනය සදහා සම්බන්ධ වන පිරිසක් ද සහභාගී වී සිටියහ .
පසුව මෙම එන්නත් තොගය විශේෂ ශීතාගාර පහසුකම් සහිත ට්‍රක් රථ කීපයකින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගබඩාව වෙත රැගෙන යනු ලැබීය.




COMMENTS
අනේ... කොරෝනා අරමුදල කියලා බිලියන ගණනක පරිත්‍යාග ලැබුණා. ඒවාට මොකෝ වුණේ? දැන් පිනට ලැබෙන එන්නත් විතරයි රටට ලැබෙන්නේ.. මේ අය සල්ලි දීලා අවශ්‍ය තරම් එන්නත් ගන්නේ නැහැ... ඔන්න බලන්න බොරු නම්. පිනට ලැබෙන ටික විතරයි.
මේ කාලකණ්ණි පාලකයෝ නිසා බෙහෙත් ටිකත් හිඟාකන්න වෙලා තියෙන්නේ. ඒත් කතාව නම් රට බේර ගත්ත මහා වීරයෝ වගේ. අපිට වෙලා තියෙන්නේ මේ අයගෙන් රට බේරාගන්න. තවත් නිදාගෙන හිටියොත් අපිට කියලා ආඩම්බරයෙන් කියන්න රටක් ලබන අවුරුද්ද වෙනකොටම නැති වෙයි.
මෝදි එනකොට කළු කොඩි දාන්න කියපු වංශලා.. ඉන්දියාවෙන් පරිත්‍යාග කරපු සුව සැරිය වර්ජනය කරන්න මිනිස්සු උසිගන්වපු පාදෙණියලාටම ඉන්දියාවේ එන්නත් ලබා ගැනීමට වීම හරිම අපූරුයි. කොරෝනාවත් වසන්තයක් කරගත් දේශප්‍රේමීන් බාස් පැණි, මුට්ටි වලින් ජනතාව ගොනාට අන්දවලා අන්තිමට පිනට දෙන එන්නතෙන් ඇඟ බේරා ගන්නවා.
අසල්වැසියාට ස්තුතියි...!!!
කෙළින්ම ජනාධිපතිතුමාව ඇවිල්ලා බාරගන්නවා කියන්නේ ඉස්සෙල්ලාම මේක රාජපක්ෂ පවුලේ අයට තමයි. අපිට ඉතින් පැණිය තමයි.
සුවසැරිය වගේ භයානක නෑලූ.. මේ බේත දොස්තර සංගමයේ එකක්. ඒකනේ සද්ද නැත්තේ...
එන්නත් ලක්ශ 6කින් මොනවා කරන්නද? ඉතුරු අය වෙනුවෙන් මුට්ටි ටිකක්වත් බෝක්කුවකින් පහළට විසිකරන්න.
කාට දුන්නත් අර වාසුට දෙනවා එහෙම නෙවෙයි.
එක කාලයක් තිබුණා ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලංකාවට එනකොට කළුකොඩි දාපු අයත්.. ඒ අය මොකද්ද කියන්නේ?
දෙයියෝ සදුන්නා වගේ වෙලාවේ හැටියට..
අමතක නොකරන්න.. ඔය එන්නත ඉන්දියාවේ නිෂ්පාදනයක් බව. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් ඇස්ට්‍රාසෙනිකා ආයතනය සමඟ නිපදවා සංවර්ධනය ඇති අතර ඒවා ඉන්දියාවේ මුම්බායි හි "සීරම් ඉන්ස්ටිටියුට්" ආයතනයේ නිෂ්පාදනය කර ඇත. අපිට හොඳ වර්ගයේ එන්නත් දෙන්න ඉන්දියාවට පිස්සු නැහැ. අවුරුදු 72ක් නුඹලා රට කරලා අන්තිමට හදිස්සියකට ගන්න මුදලක් ඉතිරි කලේ නැහැ... අන්තිමට එන්නත් ගන්න සල්ලි නැහැ. ලෝකේ වටෙ හිගා කනවා, සල්ලි කෑවා මිසක් ඔය 225ම මිනිස්සු ගැන හිතුවේ නැහැනේ...
නියම ඉන්දියානු ප්‍රොඩක්ට් එකක්ද කියා දැනගන්න බෝතලය ඇතුළ පරීක්ෂා කරන්න. සාමාන්‍යයෙන් වීදුරු කැබලි දෙක තුනක්, හිසකෙස් කැබැල්ලක්, පරිප්පු ඇටයක් දෙකක් තිබුණොත් ඒ නියම ඉන්දියානු එන්නතයි. " හින්දුස්ථාන් කි ජායි හේ " ඉන්ජෙක්ෂන් එක ඉස්සෙල්ලාම ගහමු දේශපාලකයන්ට. ඒ අයට අාසාත්මිකතා ඇතිවෙලා...!!!
අපිට මේ මොකක් හරි බොරු එන්නතක් පෙන්වලා, අපේ අර වටිනා "පැණිය" හොරකම් කරගෙන ඉන්දියාවට ගෙනියයි කියලයි මම මේ බයේ ඉන්නේ....
ජර්මනිවල ඔය එන්නත අවුරුදු 65 අයට දෙන්න එපා කියලා නිර්දේශ කරලා තියෙනවා.