(නිමල කොඩිතුවක්කු)
මොරටුව සහ කුරුණෑගල සිදු වු දේශපාලන මැදිහත්වීම ආණ්ඩුවේ එන්නත්කරන ප්‍රතිපත්තිය දැයි ජනාධිපති, අගමැති, සෞඛ්‍ය අමාත්‍යවරුන් වහාම රටට හෙලි කළ යුතු යැයි සමගි ජන බලවේගයේ පර්යේෂණ සහ පුහුණු කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
එය එසේ නොවන්නේනම් රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරිය ඉටුකිරීමට බාධා කළ පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
"කොවිඩ් වසංගතය තුළ පීඩාවට පත්ව සිටින ජනතාවට එමගින් සුරක්ෂිත වීමේ පැහැදිලි විසදුම වන්නේ එන්නත්කරණය බවත් එය රටවාසි සියලු දෙනා වෙත ලබාදිමේ වගකීම සහ වගවීම ඇත්තේ ආණ්ඩුවත් ඔහු පවසයි.
එන්නත ලබාදීමේ දි කිසිදු භේදයකින් තොරව සියලු දෙනාට ඒවා ලබා දිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.
කොවිඩ් එන්නත් කරණයේදී මොරටුව සහ කුරුණෑගල පෙදෙස්වල ලබාදීමේදි සිදු කළ දේශපාලන මැදිහත්වීම තුළන් අප දකින්නේ වර්තමාන ආණ්ඩුව යනු තම පාක්ෂිකයින්ට පමණක් වගකියන ආණ්ඩුවක් බව ද ඔහු කියයි.
COMMENTS
මංමුලා වූ අය පමණයි..!!!
ඕක දන්නේ නැද්ද? පොහොට්ටුවේ අයට ටෝකන් දෙනවා... ඒක අරන් ගිහින් ගහ ගන්නවා. අනික් අය උඩ බලන් ඉන්නවා.
නැති දේවල් ගැන මොනවා අහනවද මන්දා..?
අයියෝ, ඔබතුමාට මෙච්චර පැහැදිලිව පේන්න තියෙද්දි, ඕක අහන්නත් දෙයක්ද? ළඟම ඉන්න මන්ත්‍රී හමුවෙලා ටෝකන් එකක් ඉල්ල ගන්නකෝ..!
ඔයා පරලොව ඉඳලාද ආවේ..? ලංකාවේ අවුරුදු 70ක ඉඳලා වහ බෙදුවෙත් දේශපාලකයෝ ඡන්දය බලාගෙන...
පුතාණෝ හිටියා නම් ප්‍රතිපත්තිය කෙහොම වේද? ප්ලැකනිල් බීලම මැරෙනවා.
උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු... රැකියා දීපු කෙනා නේද නායකයා ඔයාගේ..?
හැම වැඩේටම දේශපාලනය මැදිහත් වෙලා. දේශපාලකයන් මේ තැන්වලත් පෙනී සිට මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ තම තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නැගීමට මිස වෙන කුමකටද?
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නගරාධිපති ටෝකන් දෙනවා.. දොස්තර එන්නත් කරනවා... කලබලවෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ...