(පුෂ්පකුමාර ජයරත්න )
අන්තවාදී තව්හීත් ජමාත් සංවිධානයට (එන්ටීජී) කෙලින්ම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ පුද්ගලයන් 8 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ඔවුන්ට අමතරව සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 108 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට පත්කර ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
තවත් සැකකටයුතු පුද්ගලයන් 44 දෙනෙකු අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව වෙසෙන ගම්මාන 356 ක් පරීක්ෂාවට ලක්කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
ආයුධ පෙන්නවන තෙක් අපි විමසිල්ලෙන්
මොවුන්ගේ දේපල, මුදල් සියල්ල රාජසන්තක කළයුතුයි. ජීවිතාන්තය දක්වා හිරේට යැවිය යුතුයි.. පොලිසිය. මොවුන්ගෙන් පගාවට වැඩකරන්නේ. හමුදාවට බාරදිය යුතුයි.