( තිළිණි ද සිල්වා )
විදෙස්ගත වීමේ අපෙක්ෂාවෙන් සිටින අයට කොවිඩ් -19 එන්නත් ලබාගත් බවට සහතිකයක් මාර්ගත (Online) ක්‍රමය ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය කියා සිටී.
මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගයෙන් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන අතර මෙම එන්නත් සහතිකයේ විද්‍යුත් පිටපතක් ලබාගැනීම සඳහා covid-19.health.gov.lk/certificate වෙබ් අඩවි ලින්කුවට පිවිසීමේන් ලබා ගත හැකි බව එම නියෝජිතායතනය කියා සීටී.
එම ලින්කුවට පිවිසීමෙන් අනතුරුව ජාතික හැඳුනුම්පත් අංකය හෝ, විදේශ ගමන් බලපත්‍ර අංකය, එන්නත් කාඩ්පතේ විස්තර, විදේශගමන් විස්තර සාක්ෂි සහ අදාළ පුද්ගලික දත්ත ඇතුළත් කළ යුතු වන අතර අදාළ විස්තර සාර්ථකව ඇතුළත් කිරීමෙන් පසු, එන්නත් සහතිකයේ පී.ඩී.එෆ් පිටපතක් ලබාගැනීමට ඉල්ලුම්කරුට හැකියාව ලැබේ.
එය අවශ්‍ය වූ විට සහතිකයේ මුද්‍රණ පිටපතක් ලෙසද අදාළ අංශවෙත ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය
මෙම මාර්ගගත ක්‍රමය මඟින් එන්නත් සහතිකයේ මුද්‍රණ පිටපත් එකතු කිරීම සඳහා ඇති සෞඛ්‍ය කාර්යාල වෙත පුද්ගලිකව යෑමෙන් ඇති වන අපහසුතා මඟහරවා ගැනීමට හැකිවන බවද එම නියෝජිතායතනය කියා සීටි.

COMMENTS
එන්නත් සහතිකය පමනක් උනත් ඇති වෙයි..ද.. එන්නතත් අවශ්‍යමද ..
රටින් පිටට පන්න ගන්න නම් සහතිකත් ඉක්මනින්ම දෙනවා. එත් මරණ සහතිකය අරන් වත් රටේ පුරවැසියන්ට රටට එන්න නිසි වැඩපිළිවෙලක් නැහැ. ආවොත්, ඉතින්, ඒ මනුස්සයව සුරගෙන කාල තමයි ගෙදර යවන්නේ.