(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ‘හංසයා’ ලකුණින් තරග කරන බව ජනාධිපති අපේක්ෂක, නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (26) පැවසීය.
මෙවර ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ පක්ෂ රැසක් සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වී තිබෙන හෙයින් ඔවුන්ට ද එකඟ විය හැකි පරිදි හංසයා ලකුණෙන් ඉදිරිපත් වන බව ද සජිත් ප්‍රේමදාස මහතා කීය.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
COMMENTS
ගිය පාර හංසයාට දීල තාමත් පීන ගන්න බැරුව එන්නේ. අපිට මේ සැරේ ඉතින් දෙපාරක් හිතලා කතිරේ ගහන්න වෙනවා.
පෙර නඩයම වෙනත් නායකයෙක් එක්ක එනවා වෙනසක් නැහැ. රනිල් සජිත් ගැටුම සිරිසේන රනිල් ගැටුමට හපන් වෙනවා. රට ගැන තැකීමක් නැහැ අනිත් එක තිස්ස අත්තනායකට උරුම විපක්ෂය පමණයි යන පැත්ත ඉවරයි. එයාගෙ දෛවය එයයි.
දියෙන් නම් වෙන්න බැහැ. මේ වතාවේ හංසයාට මඩ ගොහොරුවෙන් තමයි කිරි ටික වෙන්කර ගන්න සිද්ධ වෙන්නේ. මාධ්‍ය සාකච්ඡාවේදී උත්තර දුන්නේ නම් දිනලා වගේ හිතාගෙන මහා උජාරුවකින් වගෙයි පෙනුනේ ? " සමාවෙන්න මෙහෙම කියනවට, ඔයවගේ මෝඩ ප්‍රශ්න මගෙන් අහන්න එන්න එපා, ඔබතුමාට තේරුනේ නැද්ද මම කියපු දේ, ඔය ඔලුවේ තියෙන ටෙලිෆොටෝ ලෙන්ස් එක අයින් කරගෙන මගෙන් ප්‍රශ්න අහන්න, මම දන්නේ නැහැ ඔබතුමාට දෙන උත්තර අවබෝධ කර ගැනීමේ ගැටළුවක් තියෙනවද කියලා, මහින්ද දේශප්‍රිය මැතිතුමා කැඳෙව්වේ පක්ෂයක නායකත්වය සඳහා තරඟයක් නෙවේ. එ්ක දන්නේ නැද්ද? " වගේ ඔලුව ඉදිමුවා ගත්තු වර්ගයේ ප්‍රකාශනේ කලේ මහත්තයෝ... ඔහොම ගියොත් මාධ්‍යවේදීන්ගේ සහයෝගය ගන්න පුළුවන් වෙයි. දිනන්න නම් නෙවේ. පරදින්නයි.
අවුරුදු හතරක් ආණ්ඩුව කරගෙන ගිහිල්ලත් අඩු තරමින් අලියා ලකුණින් අපේක්ෂකයෙක්වත් ඉදිරිපත්කරගන්න බැරි, දිගින් දිගටම පරදින නායකයෙක් යටතේ එජාපය මොනවට දේශපාලනේ කරනවද මන්දා...
ලංකාවේ හංසයන් නැහැ කියලා කිව්වේ ගීතා කුමාරසිංහ මහත්මිය නේද?
පව් අනේ අලියා අසරණ වෙලා...!!! ඡන්දෙදි අලියාගේ නැට්ටේ එල්ලිලා සුරසැප ලබාගන්න බලා හිටපු දේශපාලුවන්ට හංසයා පිටේ නැගලා නම් එය කරගන්න බැරිවෙන එක සහතිකයි...!! හේතුව... හංසයා කියන්නේ කිරෙත්, දියේත් තිබෙන වෙනස හොඳින් හඳුනාගන්න පුළුවන් සත්වයෙක් නිසයි.. !!!
මීට වැඩිය හොඳයි නේද හංසයන් දෙන්නෙක්ගෙන්ම ආවා නම්.
එතකොට ගිය පාර ආපු හංසයාට දැන් මොකද වෙන්නේ...? මැතිවරණ නීතියට අනුව එයා තාමත් හංසයෙක් වෙන්න ඇති නේද?
හැමදාම එන්නේ පරණ නඩ අලුතෙන් වෙස්මුහුණු බැඳගෙන තමයි. මේ ගමනත් රැවටෙමුද?
කවුරු පිටේ තියාගෙන පියෑඹුවත් හංසයා හංසයාමයි.
ඔහේ කියන්නේ හොර ඇමරිකන්කාරයට දෙන්න කියලද?
එක්කෙනෙක් හංසයෙක් වෙන්න ඇවිත් අඩු ගානේ පාත්තයෙක්වත් වෙන්න බැරි උනා.මෙයා හදන්නේ එ්කේ දෙවෙනි කොටස රඟපාලා අරයටත් වඩා අනාගන්න.එන්නකෝ එන්නකෝ.ඇවිත් පාඩමක් ඉගෙන ගන්නකෝ.
සිංහල බෞද්ධයාගේ ආදාහනයද මේ?
ඔබතුමාගේ පක්ෂේ අර මහා නගරාධිපති නෝනා කිව්වේ නම් හංසයා නෙමෙයි සිංහයා දියෙන් කිරි වෙන් කර ගන්නවා කියලයි. ඒ කිව්වේ හංසයත් එකයි සිංහයත් එකයි කියලයි. ඉතින් සිංහයා තෝරා ගත්තේ නැත්තේ ඇයි. සිංහයට වලිගෙකුත් තියෙනවනේ.