IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එජාප මහලේකම්ගෙන් සජිත්ට අභියෝගයක්

(අංජුල මහික වීරරත්න)

එක පැත්තකින් ආර්ථිකයත් අනිත් පැත්තෙන් රජයේ සේවක ප්‍රශ්න ගුරු වැටුප් අර්බුද ඇතුළු වර්තමානයේ  ප්‍රශ්න කන්දක් එක තැන ගොඩ ගැසීමට මූලික හේතුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මීට වසර තුනකට පෙර අද වැනි දිනක කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා  පැවසීය.

රට පීඩනයට පත් වුණේ දින 52 අර්බුදය නිසා බව හැකිනම් මාධ්‍ය ඉදිරියට ඇවිත්  කියන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව ද පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

"එදා අපේ නියෝජ්‍ය නායක සජිත් අගමැති කරන්නට උදව් වෙන ලෙස සිරිසේන ජනපති අපටත් කීප වරක්ම කිව්වා. මේ විපර්යාසය සිදුවූයේ එවැනි යටි ගේම් එකක් සමගයි.

වැස්සට තෙමෙමින් අහිංසක ගොවීන් රවට්ටන්නේ නැතිව තම අභියෝගය හැකිනම් බාරගන්නා ලෙස මා විපක්ෂ නායකවරයාට පවසනවා. සජිත්ට ආණ්ඩුවට විරුද්ධ වීමට මෙන්ම සිරිසේනට විරුද්ධවත් කතා කරන්නට බැහැ" යනුවෙන් ද එජාප මහලේකම්වරයා අද ( 26) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී කීය.

 



අදහස් (8)

එජාප මහලේකම්ගෙන් සජිත්ට අභියෝගයක්

malik Tuesday, 26 October 2021 03:56 PM

යු එන් පී එක කාලා තවත් කන්නද.?

:       1       5

nimal Tuesday, 26 October 2021 04:06 PM

අභියෝග කර කර ඉන්ඩ වෙන වැඩ නැහැනේ.

:       0       4

sisil Tuesday, 26 October 2021 04:30 PM

අභියෝග කරන හැමෝම මේ වනවිට ජනතාවට එපාවෙලා.

:       0       5

දහනායක Tuesday, 26 October 2021 05:41 PM

මට හිතෙනවා සජබ බල කණු දෙකක්වූ හේසා හා චමින්ද ඔබේ මතයේ ඉන්නවා කියලා.

:       4       1

Demuni Uduwara Tuesday, 26 October 2021 06:09 PM

යම් දුරකට, මම එකඟයි!

:       4       4

Perera Wednesday, 27 October 2021 04:02 AM

මෙයා වොඩ්කා, වතුර කරපු අභියෝගේ අපි දැක්කා

:       0       0

Raveendra Wednesday, 27 October 2021 06:40 AM

"උන් කියනවා මුන් හෙළුවෙන් කියා....මුන් කියනවා උන් හෙළුවෙන් කියා"..... බලා ඉන්න මහජනතාවට නම් ඉතාම පැහැදිලිව පෙනෙන්නේ තොපි ඔක්කොම හෙළුවෙන් බවය. එබැවින් පළමුව "හබරල කොළයකින්වත්" තොපි සැමගේ හෙළුව වසා ගනිව් යන්න කීමට කැමැත්තෙමු. අනිකාගේ වැරදි සෙවීමට පෙර තමා නිවැරදිදැයි සොයා බලව් මී හරකුනේ...

:       1       2

Asank Wednesday, 27 October 2021 08:16 AM

ලබන මහා මැතිවරණයේදී ස්ථරවම පරදින කෙනෙක් තමයි මෙයා දිනය වේලාව ලියලා තියා ගන්න හරියට හරියන අනාවැකියක්

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 974 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site