
(අංජුල මහික වීරරත්න)
එක පැත්තකින් ආර්ථිකයත් අනිත් පැත්තෙන් රජයේ සේවක ප්‍රශ්න ගුරු වැටුප් අර්බුද ඇතුළු වර්තමානයේ ප්‍රශ්න කන්දක් එක තැන ගොඩ ගැසීමට මූලික හේතුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මීට වසර තුනකට පෙර අද වැනි දිනක කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
රට පීඩනයට පත් වුණේ දින 52 අර්බුදය නිසා බව හැකිනම් මාධ්‍ය ඉදිරියට ඇවිත් කියන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව ද පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
"එදා අපේ නියෝජ්‍ය නායක සජිත් අගමැති කරන්නට උදව් වෙන ලෙස සිරිසේන ජනපති අපටත් කීප වරක්ම කිව්වා. මේ විපර්යාසය සිදුවූයේ එවැනි යටි ගේම් එකක් සමගයි.
වැස්සට තෙමෙමින් අහිංසක ගොවීන් රවට්ටන්නේ නැතිව තම අභියෝගය හැකිනම් බාරගන්නා ලෙස මා විපක්ෂ නායකවරයාට පවසනවා. සජිත්ට ආණ්ඩුවට විරුද්ධ වීමට මෙන්ම සිරිසේනට විරුද්ධවත් කතා කරන්නට බැහැ" යනුවෙන් ද එජාප මහලේකම්වරයා අද ( 26) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යු එන් පී එක කාලා තවත් කන්නද.?
අභියෝග කර කර ඉන්ඩ වෙන වැඩ නැහැනේ.
අභියෝග කරන හැමෝම මේ වනවිට ජනතාවට එපාවෙලා.
මට හිතෙනවා සජබ බල කණු දෙකක්වූ හේසා හා චමින්ද ඔබේ මතයේ ඉන්නවා කියලා.
යම් දුරකට, මම එකඟයි!
මෙයා වොඩ්කා, වතුර කරපු අභියෝගේ අපි දැක්කා
"උන් කියනවා මුන් හෙළුවෙන් කියා....මුන් කියනවා උන් හෙළුවෙන් කියා"..... බලා ඉන්න මහජනතාවට නම් ඉතාම පැහැදිලිව පෙනෙන්නේ තොපි ඔක්කොම හෙළුවෙන් බවය. එබැවින් පළමුව "හබරල කොළයකින්වත්" තොපි සැමගේ හෙළුව වසා ගනිව් යන්න කීමට කැමැත්තෙමු. අනිකාගේ වැරදි සෙවීමට පෙර තමා නිවැරදිදැයි සොයා බලව් මී හරකුනේ...
ලබන මහා මැතිවරණයේදී ස්ථරවම පරදින කෙනෙක් තමයි මෙයා දිනය වේලාව ලියලා තියා ගන්න හරියට හරියන අනාවැකියක්