IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එජාප - පොහොට්ටු පාක්ෂිකයන්ගේ ගැටුමෙන් 5ක් රෝහලේ

අමදෝරු අමරජීව හා සුගත් බද්දේගෙදර 
 
 
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනපති ගැසට් නිවේදනය අවලංගු කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමඟ සේරුනුවර එක්සත් ජාතික පාක්ෂිකයන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින්  පස්දෙනෙක් රෝහල්ගත වී ඇතැයි සේරුනුවර පොලිසිය කියයි.
 
මෙම ගැටුම ඊයේ (13) පස්වරුවේ  හටගෙන තිබේ.


එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් රතිඤ්ඤා දල්වද්දී පොදුජන පෙරමුණට පක්ෂක්ග්‍රාහීව කටයුතු කරන හොටල් හිමිකරුගේ පුත්‍රයෙක් එය ජංගම දුරකථනයකින් වීඩියෝ කරද්දී  මෙම ගැටුම හටගෙන තිබේ.
 
රෝහල් ගතව සිටින පිරිස අතර එක්සත් ජාතික පක්ෂයේ සේරුනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුගත් රාමනායක මහතා ද වේ.
 
පහර කෑ හොටෙල් අයිතිකරුගේ පුතා හා ඔහුගේ බිරිඳ ද රෝහලේ ප්‍රතිකාර ලබයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන් ම ලද පැමිණිලි අනුව පරීක්ෂණ ආරම්භ කළ සේරුනුවර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්. එම්. ආනන්ද පුෂ්පඋදය හේරත් මහතා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (2)

එජාප - පොහොට්ටු පාක්ෂිකයන්ගේ ගැටුමෙන් 5ක් රෝහලේ

naradha Friday, 14 December 2018 09:50 AM

මේ කාලකන්නි එළියේ ගහ ගන්නවා. ඔය පක්ෂවල නායකයින් එකට වාඩිවෙලා සාකච්ඡා කරනවා..

:       0       5

RaveendraFriday, 14 December 2018 01:08 PM

naradha සහතික ඇත්ත 225 ක් වූ හැතිකරය ඔබේ, මගේ, අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් වැජඹෙනවා. එළියේ ඉන්න මේ කට්ටිය අණකරගෙන ජීවිතත් නැති කරගන්නවා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site