නාලක සංජීව දහනායක
 
හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිස බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඉදිරියේ දී ඔවුන්ගෙන් වන්දි අයකර ගැනීමට ක‍්‍රියාකරන බව ආයෝජන ප‍්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) පැවැසීය.


ඒ සඳහා පොදු දේපළ පනත යටතේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයිද අමාත්‍යවරයා කීය.


කොළඹ, මල්පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.  

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි