අංජුල මහික වීරරත්න
දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන් විනාශ කර අවසානයක් දැකිය යුතු පුද්ගලයකු යම් ප්‍රමාණයකට පමණක් විනාශ කර තබා ගැනීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමඟ තමන්ට ද බරපතල මත ගැටුමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ විනාශයක් ගැන කතා කරන ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතීත්වය භාර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බබළවමින් එය මෙරට විශිෂ්ඨතම පක්ෂය බවට පත්කර තිබේ දැයි නලීන් බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනපති විනාශ කිරීමට කළ එක් ක්‍රියාවක් හෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නැයි අභියෝගයක් කරන බවද නලීන් බණ්ඩාර මහතා කීය.
ශ්‍රේෂ්ඨ නායකත්වයකින් ඇරැඹුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊළඟ මැතිවරණයේදී මුළු ශ්‍රී ලංකාවෙන්ම ආසන හයක් පමණක් ගන්නා විට පක්ෂය විනාශ කළේ කවුදැයි මුළු ලෝකයටම ඔප්පු වනු ඇතැයි ද ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් ජනපති එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සහ පක්ෂයට එල්ල කළ චෝදනා සියල්ලටම පක්ෂයක් ලෙස ඉදිරියේදී ප්‍රතිචාර දක්වන බවද නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
ගමු කඩුව. යමු සටනට.
ඔබතුමා තාම පාසැල් අවදියේ ඒ නිසා වැටහෙන්නේ නෑ මහා දවල් මුළු රටේම ජනතාව ඇහැරලා ඉද්දි මහජනයාගේ මුදල් හොරකම් කරා...දෙවැනි ,තුන්වැනි වතාවටත් එහෙම කරා එහෙම කරේ නෑ කියල පොතක් ලියපු කෙනෙකුත් හිටිය , ඔබ තුමාට ඇහිලවත් තියනවද ? හිතෙන හිතෙන වෙලාවට රටේ සම්පත් විදේශිකයන්ට දෙන්න ගත්තේ ඔබලාගේ කණ්ඩායම , දැන් රට බෙදීමට පොරොන්දු ඇතිව 122 හදාගෙන ඉන්නවා හිතන්න එපා රටේ ජනතාව රැවටෙයි කියල ආයෙත්,
රනිල් සහ මෛත්‍රී දෙදෙනාම තමන්ගේ පක්ෂය විනාශ කරලා ඉවරයි. ආයිත් විනාශ කරන්න මොකුත් නැහැ. මේ දෙදෙනාම එක කරත්තයක ගැට ගහන්න ඕනේ..
අපිත් ඒජාපෙ පක්ෂයේ හිටපු කාලයක් තුබුණා එහි සාමාජික දේශපාලකයින් තමුන්ගේ දේපල වස්තුව පක්ෂය නිසා නැති කරගත්තු. ඒ වැදගත් මහත්තුරු දේශපාලනයෙන් අද මේ කට්ටිය වගේ හම්බකරගත්තේ නැහැ. එවැනි එජාප යක් නොවේ අද තියෙන්නේ.
අම්මපා... මේ ගොයියට එක පාරටම මොකද වුනේ? මේ තල් අත්තට බොරළු හලනවා වගේ දෙන්නේ හතර අතට...?
අනිත් පැත්තට පනින්ටවත් හිතිලද?