(නිමල කොඩිතුවක්කු)
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුනහොත් ඉදිරි මහමැතිවරණය සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩ නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ලංකාදීපයට අද (05) පැවැසීය.
මෙම නව සන්ධානය සඳහා සහයෝගය ලබාදෙන බවට එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයෝ එකඟතාවය පළ කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සම්බන්ධයෙන් පසුගිය (03) වැනිදා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඒ මහතාගේ නිවසේදී පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බවත් ඒ මහතා පැවැසීය.
මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් , උප නායක රවී කරුණානායක තලතා අතුකෝරල , මලික් සමරවික්‍රම , රංජිත් මද්දුමබණ්ඩාර සහ කබීර් හෂීම් යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
මෙම සාකච්ඡාවට පෙර එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , පක්ෂ නායකයින් වන පාඨලී චම්පික රණවක , මනෝ ගනේෂන් , පී. දිගම්බරම් , රවුෆ් හකීම් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
මෙම සාකච්ඡාවලට පෙර එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්වරු 5.00 ට පමණ මලික් සමරවික්‍රම මහතාගේ නිවසේ රැස්ව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 ස් දෙනෙකු පමණ මේ සඳහා එක්ව සිටි බවත් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය නොලැබෙන්නේ නම් වෙනම තරග කළ යුතු බව ඔවුන් සියලු දෙනාගේ ඒකමතික තිරණය වූ බවත් රංජිත් මද්දුමබන්ඩාර මහතා වැඩිදුරටත් පැවැසීය.
දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘‘එජාප නායකත්වය සජිත්ට නොලැබුණොත් වෙනම සන්ධානයකින් මැතිවරණයට‘‘
Sekara Sunday, 05 January 2020 03:52 PM
රාජාලියා පක්‍ෂය වගේ වේවි..!!!
චන්නMonday, 06 January 2020 02:47 AM
1) එ. ජා. ප. නයකයා එක්ක පක්ෂයේ තුන් දෙනෙක් පමණක් ගැටුණා. 2) රාජාලියා පක්ෂයේ නායක ලලිත් අැතුළත්මුදලි මහතාව ඝාතනය කළා. 3) පළමු මැතිවරණයට මුහුණ දුන්නේ පක්ෂ නායකයා නැතුව. 3) එ. ජා. ප. නයකයා ඊට දින අටකින් ඝාතනය කළා. 4) එ. ජා. ප. ඉවත්වූ අය නැවත එජාපයට එක් වුණා.
පුරවැසියා Sunday, 05 January 2020 03:59 PM
එක්සත් ජාතික පක්ෂය වැනි ප්‍රබල දේශපාලන පක්ෂයක නායකත්වය ලබාදීමට සජිත් ප්‍රේමදාස පක්ෂය වෙනුවෙන් කර ඇති සේවය සහ කැපවීම් මොනවද? ඔහුගේ දක්ෂතාවයන් සහ හැකියාවන් මොනවාද? දේශපාලනයට පැමිණි වසර 25ම තම ආසනය පරාද වී ඇති පරිපාලනය පිළිබඳ කිසියම් වූ අවබෝධයක් නොමැති පොරොන්දු දේශපාලනය කරපින්නාගෙන යන සිල්ලර දේශපාලනය නොකරන සජිත්ට වඩා උගත්, බුද්ධිමත් නවක චරිතවලට අද එක්සත් ජාතික පක්ෂය සහ නායකත්වය විවෘත විය යුතුයි. අද ගමේ පාක්ෂිකයා කියන්නේ සජිත් දේශපාලනය දන්නා නමුත් පරිපාලනය පිළිබඳ කිසිදු අවබෝදයක් නොමැති බවයි. සන්ධානයකින් මැතිවරණයට යාමට ඔහුට කිසිවකු බාධා නොකරනු ඇත. සංධානයකින් මැතිවරණයට හෝ වෙනත් ඕනෑම විකල්පයකින් මැතිවරණයට යාමට ඔහුට හැකියාව තිබේ. නායකයකු සතු කිසියම් වූ පරිණත භාවයක් හෝ ප්‍රතිපත්ති ගරුකබව පෙන්නුම් කර හෝ සජිත් සතුව නොමැත. ඔහු සතුව ඇත්තේ හිස්බව සහ අනවශ්‍ය සරල බවයි. ඔහුගේ පරාජයට හේතුව කළ නොහැකි පොරොන්දු ලබාදීම සහ යමක් විශ්ලේෂණය කිරීමට ඔහුගේ නොහැකියාව බව දන්නෝ දනිති.
රනිල්Sunday, 05 January 2020 11:54 PM
ඔබේ විශ්ලේෂණය ඉතාමත් නිවැරදියි. පක්ෂයේ නායකත්වය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු නමුත් ඒ සඳහා වන විකල්පය සජිත් නම් නොවේ...
jim kuruMonday, 06 January 2020 01:37 AM
රනිල් කී වතාවක් දිනුවද?
BamunuarachchiMonday, 06 January 2020 03:03 AM
එහෙම කියන්න එපා. එයාගේ තාත්තා හිටපු ජනාධිපති කෙනෙක් අම්මා ආර්යාවක්. එ්ත් ඔබ අහන ප්‍රශ්න කීපය මමත් අහනවා. එයා මෙරටට කරපු මගුල මොකක්ද? එයාගේ කතාව රටේ එකතරා පන්තියකට නම් වටිනා අපිට නම් ඒවා පුස් කතා...
MaheeMonday, 06 January 2020 05:46 AM
ඔබේ අදහස් සමග 100%ක් එකඟයි. ඒත් මට හිතෙනවා අපේ රටේ නායකයින් යයි කියන උදවිය සියලුම දෙනාම වගේ තමන් කළ වැඩ හෝ තමන්ගේ හැකියාවට වඩා, මාධ්‍ය විසින් පුම්බා තැබීම නිසා නායකයන් ලෙස අපේ ඔළුගෙඩි තුලට තල්ලු කරනු ලැබූ අය. සමහර නාලිකා පුම්බන පිම්බිල්ලට ඒ නායකයන් ගුවනේ පාවෙන්න තරම් හුළං පිරිලා ඇති...
C senevirathne Sunday, 05 January 2020 04:01 PM
තමන්ගේ ආසනය දිනාගන්න බැරි අය මේ කරන්නේ මොනවද?
liyanage Sunday, 05 January 2020 04:53 PM
පරාජිතයන් පලවාහැර කැපීපෙනෙන වෙනසක් එක්සත් ජාතික පක්ෂයේ සිදුවිය යුතුයි.
BamunuarachchiMonday, 06 January 2020 03:11 AM
එතකොට සජිත් පළමුවෙන් කැපෙනවා. මොකද එයා ලැබුවේ අන්ත පරාජයක්. මේ යන ක්‍රමයට 2020දී එජාපෙට අන්ත පරාජයක් ලැබෙනවා.
සමන්ත Sunday, 05 January 2020 04:52 PM
රංජිත් මද්දුම බණ්ඩාරලා, ප්‍රේමදාස පස්සේ ගිහින් තැනක් හදාගත්තට මේ රටේ මිනිස්සුන්ට තවම ඔලුවක් තියෙනවා. රනිල් කොහෙවත් යන්නේ නැහැ. යන්න අපි දෙන්නෙත් නෑ දැන්ම. ඉතින් ඔයාලා යන්නකෝ... ගිහින් කරලා බලන්නකෝ.... අපි දැක්කනේ ජනාධිපතිවරණයේදී ඇන ගත්ත එක අනාගත්ත හැටි....
Mahee Sunday, 05 January 2020 04:59 PM
මේ තියෙන්නේ "රෝයල් කල්ලිය" සහ එසේ නොවන පිරිස අතර අරගලය නේද? බලයේ ඉන්දැද්දී රටේම ප්‍රසිද්ධ වූ හොර, මැරකම් වලට රෝයල් කණ්ඩායම වගකිවයුතු බවට රටේ පවතින මතය අනික් කණ්ඩායමට ලොකු වාසියක්.. ඒ හින්දා අවසාන වශයෙන් රෝයල් කණ්ඩායම පරදින බවට අනාවැකි කියන්න පුළුවන් දැන්...
sugath sanjeewa Sunday, 05 January 2020 05:13 PM
ඉක්මනට පටන්ගන්න. වැඩි කාලයක් නැ. හොරු නැතිව එන්න ඕනෑ...
BamunuarachchiMonday, 06 January 2020 03:09 AM
එතකොට මෙයාගේ පනත බලාගන්න පුළුවන්...
ROHAN DAYADARA PARIS Sunday, 05 January 2020 10:16 PM
පොහොට්ටුවට තියෙනවා ලොකු අතීතයක් වගේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගොඩනගාගත්ත ඉතා ලොකු ඉතිහාසයක් එක්ක වසර 30ක පැවති සිවිල් අරගලය නිමා කරමින් විශාල කීර්තියක් රටතුළ මාධ්‍ය තුළින් නිර්මාණය කළා. ඒවගේම විශාල වශයෙන් රජයේ සේවය සඳහා රැකියා ලබාදුන්නා (ලක්ෂ 10 ඉක්මවා) මහා පරිමාණ වියාපාරිකයන් ඇතිකළා. ධනය රැස්කළා. හිතවතුන්, පාක්ෂිකයින් ශක්තිමත් කළා එ් තුළින් පොහොට්ටුවට ඡන්ද එකතුකරගත්තා... නමුත් සජිත් ඇතුළු කණ්ඩායම නව පක්ෂයක් හැදුවොත්... යූ.එන්.පී. ය දෙකට තුනට වෙනවා සියට 55ක් සජිත්ට යයි සියට 30ක් රනිල්ට යයි. ඉතිරි සියයට 15 වෙන වෙන පක්ෂවලට යයි. අවසානයේ වෙන්න ඕකයි.. එම නිසා සාකච්ඡාවෙන්, සමගියෙන් එකමුතුව දෙගොල්ලන්ම ඉවසීමෙන් සිහි බුද්ධියෙන් ඉදිරියට කටයුතු කිරීමයි මගේ යෝජනාව..!!!
kushan punchibandara Monday, 06 January 2020 01:59 AM
සමන්ත ඔයා හරි. රනිල් මැතිතුමා ජනාධිපතිවරණයේදී මහලොකු සිංහල බෞද්ධයින්ට දකුණ දිනාගන්න දීලා උතුරේ සහ නැගෙනහිර ඡන්ද එතුමා බලා ගන්නම් කිව්වා මතකයිද? එතුමාගේ වැඩේ හරියටම කළා. මහලොකු සිංහල බෞද්ධයින්ට දකුණ දිනාගන්න මොනවද කලේ? තමුන්ගේ ඇඟේ ශක්තිය පෙන්නුවා. තාත්තගේ ජාන ගැන කතා කළා. යහපාලනයේ අඩුම තරමේ කතා කිරීමේ නිදහස, තොරතුරු ලබාගන්න පුළුවන් එක ගැනවත් කතා කළාද? නැහැ නේද? මේ අයට පුලුවන්ද රටක් කරන්න. රංජිත් මද්දුම බණ්ඩාර හරියට පොලිසියේ කටයුතුවත් කළාද? රාජාලියාගෙන් ගිය කට්ටියට වුණු දේ මතකයිනේ. යූඑන්පී පතාක යෝධයින් ඒ ගිය අය. මේ යන්න ඉන්න අය කවුද හිවල්ලු. දැන් "රෝයල් කල්ලිය" කියලා එකක් නැහැ. සජිත්, මලික්ලා සේරම ඉන්නේ එහේ... රනිල් මැතිතුමා යූඑන්පී පතාක යෝධයන් ගත්ත පිල නොගෙන එදා තාත්තගේ පිල ආරක්ෂා කළ නිසාද මෙහෙම ගරහන්නේ. නායකතුමාගේ අදහස් පිළිගන්න බැරිනම් පලයව්...! රනිල් මැතිතුමා උතුර සහ නැගෙනහිර පැරදුණා නම් වැඩේ බලා ගන්න තිබුණා. හැම අතින්ම අඩුපාඩු තිබෙන අයට වෙන පක්ෂයකට යන්න වෙයි.
lalithm Monday, 06 January 2020 02:57 AM
සජිතුත් රෝයල් තම... ඒත් වැදගත් දේ තමයි දිගටම පරාජිත වියපත් නායකත්වයකින් පක්ෂයක් ඉදිරියට ගෙනියන්න බැහැ කියලා තේරුම් ගැනීම...
Bamunuarachchi Monday, 06 January 2020 03:07 AM
"එක්සත් ජාතික පක්ෂය වැනි ප්‍රබල දේශපාලන පක්ෂයක" මොන ප්‍රබල කමක්ද හලෝ...? ඡන්දයකට තනිවම ඉදිරිපත් වෙලා ජයග්‍රහණය බැහැ නේද? ඉතින් තිබෙන ප්‍රබලකම මොකක්ද?
danushka abesinghe Monday, 06 January 2020 03:53 AM
ලලිත්, උතුරු ඇමෙරිකාව (යූ.එස්.ඒ) දූපතක්ද? රජ කරන්නේ අවුරුදු 52ක නායකයෙක්ද? රුසියාව, ඉන්දියාව, ජපානය, මැලේසියාව වර්තමානයේ නායකයින් ගැන හිතලා කතා කරන්න සහෝදරයා. මුලාවෙන් මත් නොවන්න...
රනිල් Monday, 06 January 2020 03:55 AM
බමුණා අන්කල් වගේ නාකි අයටත් පෙන්ෂන් යන්න කාලෙ හරි. මෝඩ එ්කාකාරි කතා අහලා දැන් අපිට අැතිවෙලා...
BamunuarachchiMonday, 06 January 2020 10:49 AM
නමින්ම තේරෙනවා මෝඩයා කවුද කියලා...
BamunuarachchiMonday, 06 January 2020 11:14 AM
පැන්ෂන් එක ගැන නොවෙයි කතා කළ යුත්තේ ඉදිරිපත් කරන අදහස බොරුකියා පෙන්වීමයි. පැන්ෂන් යන කෙනෙකුගේ අත්දැකීම් ඊයේ පෙරේදා ඉපදිච්ච කෙනෙකුට වඩා බොහොම වැඩී. ඩී එස් සේනානායක ගේ මරණය ඇසු දවසේ සිට අද දක්වා මේ රටේ සිදුවුන ආණ්ඩු පෙරලි දැක්ක මට ඊයේ පෙරේදා ඉපදුන ඔගොල්ලොද රටේ ආණ්ඩු රටට කරපු දේවල් කියා දෙන්න එන්නේ?
ranjith Monday, 06 January 2020 04:54 AM
රනිල් පිලේ හොරු බුද්ධාගම් විරෝධී දේශ ද්‍රෝහී ටික නැතුව ආවනම් රනිල් පරද්දන්න පුළුවන්. මහ බැංකු හොරු රනිල් පිලේ ඉන්න කියලා වෙන සන්ධානයක් හදාගන්න එක හොද වැඩක්.
Bamunuarachchi Monday, 06 January 2020 10:54 AM
ත්‍රීවීලර් කාරයෙක් කොළඹ නගරාධිපති වුණු රටක. සජිත් එජාපෙ නායකයා වුනොත් පුදුමයක් නොවෙයි. අපිට එ්ත් එතන වැඩිකල් නොඉන්න බව නම් හොඳටම ෂුවර්. අන්තිමට වෙන්නේ රනිල් වික්‍රමසිංහත් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමයි.