IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එජාප-දෙමළ සන්ධාන ගිවිසුම කූඨ ලෙඛනයක්ලු

                      
(නිමල කොඩිතුවක්කු සහ අංජුල මහික වීරරත්න)

          
එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය  අතර අත්සන් කෙරුණු ගිවිසුමක ආකාරයට සකස් කළ කූට ලේඛනයක් ප‍්‍රචාරයට පත් කිරිමේ අසාර්ථක උත්සාහයක ඇතැම් පිරිස් නිරත වන බවට එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතා මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක්ද කර ඇති බවත් අසත්‍ය ප‍්‍රචාර සහ ප‍්‍රකාශ සිදුකළ සියලූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවටත් එම නිවේදනයේ  වැඩිදුරටත් සඳහන් වේ.
එම නිවේදනයේ තවදුරටත් මෙසේ ද දැක්වේ.  


   ‘‘ ප්‍රජාන්ත්‍රවාදය වාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂාවේ කරලීම වෙනුවෙන්, ව්‍යවස්ථා විරෝධී උමතුවට එරෙහිව අප මාතෘ භූමියේ සකල විධ බලවේග ආරම්භ කර ඇති අනවරත අරගලය හමුවේ වියරු වැටුණු කණ්ඩායමක් විසින් එක්සත් ජාතික පක්ෂයය හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර අත්සන් කෙරුණු ගිවිසුමක ආකාරයට කූට ලේඛනයක් සකස් කර ඇත.
මෙවැනි කිසිදු ගිවිසුමකට අප දෙපාර්ශ්වය විසින් එළැඹ නොමැත.


එසේ වී තිබියදී පක්ෂ නායකයන්ගේ අත්සන් ද ව්‍යාජ ලෙස යොදමින් මෙවැනි කූට ලේඛන සැකසීම හා ඒවා මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරයට පත් කිරීමට කටයුතු කිරීම නීතිය පමණක් නොව සදාචාරත්වය ද උල්ලංඝණය කිරීමකි.


දැනටමත් අප පක්ෂය වෙනුවෙන් එස්. එම් මරික්කාර් මන්ත්‍රීතුමන් පොලිස් මූලස්ථානය පැමිණිලි කර ඇති අතර, මේ පිළිබඳ අසත්‍ය ප්‍රතිචාර හා ප්‍රකාශ වලට සම්බන්ධ සියළු පුද්ගලයින් නීතිය ඉදිරියට පැමිණවීමට ද අපි ක්‍රියා කරන්නෙමු.


එසේම ජාතිවාදය පතුරුවමින් හා අවුලූවමින් බලය රැක ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී බලකාමීන් ගෙන යනු ලබන මේ නීච ව්‍යාමනයන්ට එරෙහිව සටන් වැදීමට එක්වන ලෙස සියළු දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටිමු ’’යනුවෙන් ද එහි දැක්වේ.

ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක


 



අදහස් (8)

එජාප-දෙමළ සන්ධාන ගිවිසුම කූඨ ලෙඛනයක්ලු

මුනසිංහ Thursday, 13 December 2018 09:12 AM

ඔයාල මොනව කිවුවත් ජනතාව දන්නව ටී එන් ඒ එකට අවශ්‍ය අකාරයට හැසිරෙන්නේ කවුද කියල.

:       0       209

Sanka Thursday, 13 December 2018 09:22 AM

ඔවු කූට ලේඛනයක් ශෝසල් මිඩිය වල යනවා.වහාම මේක බොරු කියල දැනුවත් කරන්න. මේක අර කල්ලියේ වැඩක්.

:       156       4

jayanath Thursday, 13 December 2018 09:23 AM

හපොයි දෙයියනේ.කෙසෙල් කනට කලින් වට පනිනවා කියන්නේ මේවා තමයි.එහෙනම් ටෙලෝ සංවිධානයේ නායකයා කියපු ගිවිසුම අත්සන් කරලා වගේ.

:       0       145

Bamunuarachchi Thursday, 13 December 2018 09:25 AM

කූට ලේඛන මොකටද ප්‍රසිද්ධියේ ප්‍රතිෂේප කලේ නැහැනේ 20 වෙනි සංසෝධනයක් ගෙනෙන්නේ කාට සෙත සදන්නද? අමතක කොරන්න එපා රජීව් ඝාන්ධිට සලකපු කොල්ලා වගේ කොල්ලෝ රටේ තව ඉන්න බව.

:       0       74

sampath pathirana Thursday, 13 December 2018 09:59 AM

උසාවි නියෝගයක් මේකටත් ගනිමු.

:       0       3

Bamunuarachchi Thursday, 13 December 2018 10:02 AM

සිංහලයින්ගේ කූඨලේඛන ගැන කතා කොරන්නේ මරික්කාර් කෙනෙක්. අනේද කියන්නේ.

:       0       55

Bamunuarachchi Thursday, 13 December 2018 10:07 AM

හලෝ එක අසාර්ථක උත්සාහයක් නොවෙයි අපි කව්රුත් දන්නා ගිවිසුමක්. ඒ නිසයි මම රනිල් විරෝධී.

:       0       116

Ranjan Samarasinghe Friday, 14 December 2018 01:52 PM

එය අසත්‍ය ලේඛනයක් නම් රනිල් වික්‍රමසිංහ මහතාට සහ සම්බන්තන් මහතාට නිවේදනයක් නිකුත් කරන්නද කියන්නද , සහ 20 වන සංශෝදනය අඩංගු දෑ ප්‍රකාශයට පත්කරන්න

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31138 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site