IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


‘එජාප ජනපති අපේක්ෂකයා කවුරුන්දැයි ඉක්මණින් තීරණය කරන්න‘

( අංජුල මහික වීරරත්න ) 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා කවුදැයි එකට වාඩි වී සාකච්ඡා  කර ඉක්මනින් තීරණයක්  දෙන ලෙස  එක්සත්ජාතික පක්ෂ නායකයින්ගෙන් සහ නියෝජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
 
එක්සත්  ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ නියෝජ්‍ය නායක  නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන්  මෙම ඉල්ලීම කිරීම සඳහා  එජාප පසුපෙළ මන්ත්‍රීවරු 26 දෙනාම ඒකමතිකව තීරණයකට එළැඹි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමී මහතා ලංකාදීපයට පැවසීය.
 
 ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි  යන්න ඉතා කඩිනමින් තීන්දු කරන ලෙසට වන ඉල්ලීම  මේ වන විටත් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා හමු වී ඉදිරිපත් කර  කර ඇති බවත් ඔහුගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවත්  ඔහු සඳහන් කළේය.
 
 මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුවන් සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (20) රාත්‍රියේදී පැවැත්වීමට ද නියමිතය.
 
 එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්දැයි  දැන ගැනීමට පාක්ෂිකයින් පුල පුලා බලා සිටින බව කී මන්ත්‍රීවරයා එළියේ කටකතාවලට  ඉඩ නොතබා ඉතා කඩිනමින් තීරණයක් ගත යුතුව ඇතැයිද සඳහන් කළේය.



අදහස් (7)

‘එජාප ජනපති අපේක්ෂකයා කවුරුන්දැයි ඉක්මණින් තීරණය කරන්න‘

thilakasiri Tuesday, 20 August 2019 09:42 AM

එජාපයට චන්දය දෙන රටේ ජනතාවට අපේක්ෂකයා නාමලේඛනය භාරදෙන්න ලෑස්තිවෙලා සුදුසු වෙලාවක දුන්නම ඇති. ඒ ගැන කලබලයක් නැත. මේ 26 දෙනාටයි සජිත්ටයි ඇයි මෙච්චර හදිස්සි.

:       2       2

රොහාන් දයාදර පැරිස් ...!!! Tuesday, 20 August 2019 10:53 AM

මේ වෙලාවේ ඉදිරියෙන් ඉන්නේ හා බිම්මට්ටමේ ජනයා කියන්නේ සජිත් . නමුත් එ්ක සමහර විට නිවැරදි හෝ වැරදි ? තීන්දුවක් විය හැකියි. නමුත් එදා ජේ .ආර්. මහතා දිනන්න ඕන නිසාත් වෙනත් කාරණා නිසාත් ආර් . ප්‍රේමදාස මැතිතුමාව පත්කලා .ඒ වගේ අදත් දිනන්න නම් සියලු දෙනා එකතු කරගෙන සන්ධාන ගතවී සජිත් ව පත්කර ගත යුතුයි .එය රනිල් අගමැතිතුමාට කළ හැකි දෙයක් බව මම දැඩිව විස්වාස කරමි . නමුත් සජිතුත් ඉදිරිය බලා වාද බේද ඉවතලා පියාගේ නාමයෙන් එකමුතුව වැඩකලොත් අනාගතයේ හෝ දිනිය හැකියි. රොහාන් දයාදර පැරිස් ...!!!

:       2       0

fasmy Tuesday, 20 August 2019 11:04 AM

එජාප අවසන් ... දැන් ජාතික ජන බලවේගය

:       0       1

Amila Tuesday, 20 August 2019 11:15 AM

පක්ෂ නායකයා හරි නම් ඉල්ලන්න ඕන ප්‍රධාන පක්ෂයක් නිසා. මහින්දට 19න් බැරි නිසා ඉල්ලන්නේ නෑ ඒත් මේයාට එහෙම ප්‍රශ්නයක් නෑනේ..

:       0       0

hira Tuesday, 20 August 2019 11:44 AM

මෙදා සැරේ කොළ පාටින් කවුරු ආවත් වැඩක් නැහැ. මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නේ. මොන දේ කරන්නත් අපට රටක් තියෙන්න ඕනේ.

:       0       3

Sumith Tuesday, 20 August 2019 11:50 PM

ජනතාවට නම් උවමනාවක් නැ දැනගන්න

:       0       0

චමින්ද Wednesday, 21 August 2019 01:01 AM

පසුපෙළ කියන්නේ අත්දැකීම් නැති නුවනින් මුහුකුරා නොගිය කණ්ඩායමක්. ඔවුන් ඉතා ආවේගශීලියි. දුටුගැමුණු කුමාරයාත් තරුණ වයසේ සිටියදී යුද්ධයට ඉඩ නොලැබීමෙන් මාළිගය හැරදා ගොස් පියාට ගැහැණු ඇඳුම් එව්වළු නේද. අපට පසුපෙළ කණ්ඩායමටත් කියන්න වෙන්නේ ඉවසීමෙන් සැනසීම ලැබේ කියලත් බුද්ධිමතුන් ඇසුරු කරන්න කියලත් තමා. පණ්ඩිතානංච සේවනා

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1162 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site