IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් පත්කිරීම සඳුදා පසු අවසන්

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට  සියලු සාමාජිකයන් පත් කිරීම ලබන සදුදා (27) වනවිට අවසන් කෙරේ.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන තනතුරු  සඳහා පත්කිරිම්  සියල්ලක්ම මේ වනවිට අවසන් අතර ඉල්ලා අස් වූ බව ප‍්‍රකාශ කළ විපක්ෂ නායක සජිත්  පේ‍්‍රමදාස මහතා යළිත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය  නායකවරයා ලෙස පත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී  මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, උප නායක රවී කරුණානායක, ජාතික  සංවිධායක නවීන් දිසානායක,  මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුලූ උපදේශක මණ්ඩලයේ  අනුමැතිය යටතේ සිදුකෙරේ.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලූ විසඳීම සඳහා ඡන්දයක්  නොපවත්වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, හිටපු අමාත්‍යවරුන් සහ පසුපෙළ මන්ත‍්‍රීවරුන්  කළ ඉල්ලීමට අනුව අර්බුදයකින් තොරව  එය විසඳාගැනීමට එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ක‍්‍රමවේදයක් සකසමින් සිටිතැයි  හිටපු සභානායක  පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.



අදහස් (0)

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් පත්කිරීම සඳුදා පසු අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site