IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


‘එජාප අරමුදල් ප්‍රශ්නයට හේතුව මැතිවරණ ප්‍රචාරණ නීති නැතිකමයි’

(බිඟුන් මේනක ගමගේ)

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර මතුව ඇති විවාදයෙන් ඔප්පුවන්නේ දේශපාලන ප්‍රචාරක වැය සම්බන්ධයෙන් කඩිනමින් නීති සම්පාදනය කළ යුතු බව යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතුවලට මුදල් කොපමණ ප්‍රමාණයක් ලැබුණේද හා ඒවා කවර පාර්ශ්ව විසින් බාරගනු ලැබුවේදැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයෙන්ම විවාදයක් මතුව ඇතැයි ද මැතිවරණ ප්‍රචාරණ නීති සම්පාදනය පමාවීම මීට ප්‍රධාන හේතුව යැයි ද ගජනායක මහතා කීය.

මැතිවරණ කොමිෂන් සභාවට හෝ වෙනත් කිසිදු අධිකාරියකට පාලනය කළ නොහැකි මැතිවරණ ක්‍රියාවලියේ ඉතාම අභිරහස් කාරණයක් බවට මැතිවරණ ප්‍රචාරක පිරිවැය පත්ව ඇතැයි කී හෙතෙම මෙය පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ද උභතෝකෝටික ගැටලුවක් යැයි අවධාරණය කර කීය. 

මෙම සිදුවීම සැලකිල්ලට ගෙන දේශපාලන ප්‍රචාරණ වියදම් පාලන නීති සම්පාදනයට මැදිහත්වන්නැයි දේශපාලන පක්ෂවලට ලිඛිත ඉල්ලීමක් කරන්නේ යැයි ද ඒ මහතා පැවැසීය.

බිම් මට්ටමේ සිටින ආසන සංවිධායකයා හෝ පළාත් පාලන නියෝජිතයා පමණක් නොව අඩුම තරමින් කැබිනට් ඇමැතිවරයකු පවා මෙම ගණන් හිලව් ගැන නොදන්නේ යැයි ද දේශපාලන පක්ෂවල සමස්ත මූල්‍ය පාලනය වන්නේ දේශපාලන නායකත්වයේ අබිරහස් අභ්‍යන්තර කවයක් මගින් යැයි ද ගජනායක මහතා චෝදනා කළේය. 

ඇතැම්විට මෙම මූල්‍ය පාලනයෙහි නියුතු පුද්ගලයන් අදාළ දේශපාලන පක්ෂවල කිසිදු නිලයක් දරන්නේ නැතැයි ද පවතින දේශපාලන සංස්කෘතියෙහි පක්ෂවල පහළ ස්ථරවල සාමාජිකයන්ට පක්ෂයට මුදල් ලැබෙන මූලාශ්‍ර ගැන විමසීමට කිසිදු අවස්ථාවක් නැතැයි ද ඒ මහතා සඳහන් කළේය. 

දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කළ විට සමස්ත රාජ්‍ය පාලනයම මෙවැනි කණ්ඩායම් විසින් මෙහෙයවනු ලබන බවට රටවැසියාගෙන්ම චෝදනා එල්ලවන්නේ යැයි ද එනිසා දේශපාලන ප්‍රචාරක වැය සම්බන්ධයෙන් නීති සම්පාදනයට සියලු පාර්ශ්ව කඩිනමින් මැදිහත් විය යුතු යැයි ද ගජනායක මහතා කීය.

සෑම මැතිවරණයක් අවසන් වනවිටම ජයග්‍රාහකයන් වර්ග දෙකක් බිහිවන්නේ යැයි ද එක් වර්ගයක් ඡන්දදායකයන් වෙද්දී අනෙක් වර්ගය වන්නේ මැතිවරණයට මුවා වී අරමුදල් රැස්කර ඒවා මැතිවරණ යාන්ත්‍රණයට නොයොදා යටිමඩි ගසාගන්නා කණ්ඩායම් යැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

මැතිවරණ ව්‍යාපාරයේ අරමුදල් රැස්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා එහි නායකත්වයට චෝදනා කළ අතර පසුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් එම චෝදනා ප්‍රතික්ෂේප කර කියාසිටියේ අරමුදල් රැස්කරනු ලැබුවේ වොක්ෂෝල් වීදිය කාර්යාලය විසින් බැවින් අනිසි භාවිතයක් වී ඇත්නම් ඒ ගැන සෙවිය යුත්තේ ද එම කාර්යාලයේ නිලධාරින්ම බවය.  



අදහස් (0)

‘එජාප අරමුදල් ප්‍රශ්නයට හේතුව මැතිවරණ ප්‍රචාරණ නීති නැතිකමයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 625 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2312 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site