
(ජයන්ත සමරකෝන්)
කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පිළිබඳව පැන නැගී ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් සියලු දෙනා අගෝස්තු 19 වැනි දින සිරිකොතට කැඳවා ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ සඳහා නාගරික මන්ත්‍රීවරුන් 60දෙනෙකු පමණ සහභාගීවීමට නියමිතව ඇතැයිද පැවසේ.
පක්ෂයට සහය නොදැක්වීම ඇතුළු චෝදනා කිහිපයක් මත නගරාධිපතිනිය ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් ඉවත් කළ යුතු බවට මෙහිදී නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයට පෙන්වාදීමට නියමිත බවද, එහි ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රීවරයෙක් ලංකාදීපයට අද(12) පැවසීය.
එක් කණ්ඩායමක් නගරාධිපතිනිය ඉවත් කර එක්සත් ජාතික පක්ෂයේ ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨයකුට එම ධූරය ලබාදිය යුතු බවට යෝජනා කර ඇතැයිද, තවත් පිරිසක් පිටස්තර අයෙකු ඒ සඳහා පත්කළ යුතු බව පෙන්වාදීමට යන බවද වාර්තා වේ.
රෝසි සේනානායක මහත්මිය එම ධූරයට පත්වූයේ 2018 වසරේ පෙබරවාරි 15 වැනිදාය.
COMMENTS
එජාප නායකයින් දන්නේ මිනිස්සු එලවන්න විතරයි. 1994 සිටම කරේ ඕකයි. අන්තිමට මිනිස්සු එකතුවෙලා එයාව ගෙදරම යැව්වා.