(නාලක සංජීව දහනායක)
එක්සත් ජාතික පක්ෂය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව ප්‍රයෝජනයට ගනිමින් සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (11) පැවැසීය.
මේ මොහොතේදී මුස්ලිම් ජනතාවටද හීලෑකරගත හැකි ආණ්ඩුවක් අවශ්‍යව තිබෙන බව කී විපක්ෂනායකවරයා මෙම සුසංයෝගයෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් නොලැබෙන බවද කීය.
‘පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ පසුකම්පනය’ මැයෙන් කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්ෂනායක නිල නිවසේදී අද (11) දේශනයක් පවත්වමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
ඔය එන්නේ ඔය එන්නේ බලලා...
මුස්ලිම් ජනතාව ලාංකිකයෝ නෙවිද?
එක්සත් ජාතික පක්ෂය පමණක් නොවේ විපක්ෂ නායකතුමා. ඔබ නියෝජන කළ පක්ෂ ඇතුළු ප්‍රධාන පක්ෂවල් සහ මුස්ලිම් පක්ෂවලුත් ඒ දේම තමා කරන්න. පොදුවෙන් බලනකොට මේ රටේ සියලු ජන කොටසකටම ඒ ඉරණම තමයි.
බොරදියේ මාලු බාන එක නතර කරන්නෙ කවදද?
එහෙම කියල චෝදනා තියන මුස්ලිම් දේශපාලකයො ගත්තොත් ඔයාටත් අබ සරණයි.මුස්ලිම්වරුන්ට ඇති ප්‍රශ්නයක් නෑ. ඔවුන් නිසා අපිටයි ප්‍රශ්න.
ඒ කියන්නේ මෙතුමගේ කාලේ වගේ විල්පත්තුව එහෙම දීලා හීලෑ කරගත්තනේ හැබෑට, ඒ කාලේ එයාලා පූසන් වගේ...
ඔය ගොල්ලන්ගේ කාලේ ඔයගොල්ලෝ සහරාන්ලාට මුදල් ගෙව්වා යයි කියන්නේ ඇත්තද?
මේ උන්නැහේ, අපිත් කන්නේ තණකොළ කියලා හිතන්න එපා...
පෙරේදා මංගලගේ රැස්වීමකට සිංහල අය හිටියේ 1%.
ඔබතුමා අර බහුතරය හදා ගන්න කෝටි ගණන් වියදම් කරලා මුස්ලිම් මන්ත්‍රීවරු අරගෙන ඇමතිකම් පවා දීලා උජාරුවට පින්තුර වලට පෙනී ඉන්න කොට ඔය අදහස පහල උනේ නැද්ද මහත්තයෝ?
අපි හිතුවේ මොන්ටිසෝරි කතා කියන්නේ ලොකු පුතා විතරයි කියලා. දැන් එතකොට ඔබතුමාලාට තිබෙන්නේ නෑදෑයන්ගේ පක්ෂය වෙන්න ඇති නේද ?
මිනිසුන් මැරිලා ඉපදිලා නැහැ . මොවුන්ව එලවා දමා නවක උගත් තරුණ පරපුරකට රට භාර විය යුතුයි .
ඉතින් මොකද ...
මෙයා තමයි යටි කූට්ටු වැඩ ඔක්කොම කරන්නේ.., මෙයාගේ එකම අරමුණ බලය ලබාගැනීම පමණි. රැවටෙන්න එපා. මෙයාට හරි දැක්මක් නැහැ. තම සංහාරය රජවීම හැර... ජනතාව මෙයා තේරුම්ගෙන මොවුන්ව පාලනයෙන් ඉවත් කල් අරින්න ඕනි.