IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘එජාපය තමන්ගේ ගැළවීමට බෝම්බ පිපිරීම් සිද්ධි යොදාගන්නවා’

(නිමල කොඩිතුවක්කු)

 
දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් එල්ල වූ බෝම්බ ප‍්‍රහාර එක්සත් ජාතික පක්ෂය තමන්ගේ  ගැලවීම සඳහා යොදා ගන්නා බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කොළඹදී පැවසීය.
 
මෙම ප‍්‍රහාරයත් සමග රටේ පවතින  ආර්ථික ගැටළු,  යූ. එන්. පී විරෝධී ගැටළු  මෙන්ම   මැතිවරණ කල් දැමීමේ මාර්ගයද  ඔවුන්ට  හිමි වන බව  නානායක්කාර මහතා සඳහන් කළේය.
 
සමාජවාදී ජනතා පෙරමුණ බොරුල්ල ඇන්. ඇම්  පෙරේරා  කේන්ද්‍රයේ අද(22) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර මහතා මෙසේද කීය.
  
 “දිගින් දිගටම රට තුළ සිදුවූ කළහකාරී සිදුවීම්වල දිගුවක් විදියට මෙම සිදුවීම හඳුන්වාදිය හැකියි. මහනුවර දිගන සිදුවීමත් මෙයට සම්බන්ධයි. මෙම ප‍්‍රහාරය  එයට වඩා පළල්, ජාත්‍යන්තර බලයක් සහිතව ක‍්‍රියාත්මක වූ  කුමන්ත‍්‍රණයක් විදියට අපි දකිනවා.
 
මේ ප‍්‍රහාරයේ  ප‍්‍රතිඵල විදියට මේ අය බලාපොරොත්තු වුණේ  විශාල මුස්ලිම් විරෝධී කෝලහාලයක්. එයින් මුස්ලිම්වරු අතර  වඩාත් සටන්කාමී කණ්ඩායම් එකතු කරගැනීමයි ඔවුන්ට අවශ්‍ය වුණේ. 
 
එක්සත් ජාතික පක්ෂයත් මේක තමන්ගේ වාසියට හරවාගැනීමට උත්සාහ කරනවා.  මොකද  මේ ප‍්‍රහාරයත් එක්ක රටේ ආර්තික ප‍්‍රශ්න,  යූ එන්. පී විරෝධී ප‍්‍රශ්න යටපත් වෙනවා.  තවත් කලකට ඡන්දයක් නොපැවැත්වීමේ  මාර්ගය පෑදෙනවා. එක්සත් ජාතික පක්ෂයේ උවමනාවත් තවුහිත් ජමාන් අයගේ  වුවමනාත් අතර එක්තරා විධියක සංධිස්ථානයක් තියෙනවා කියලා අපිට පෙනෙනවා.
 
මුස්ලිම් විරෝධී කලකෝලහලයක් ඇතිවුණොත්  මේ ඇතිකරපු පිපිරීම් සීමාව  මෙපමණයි  කියලා මම හිතන්නේ නැහැ. මේ වෙච්ච සිද්දි අනුව මෙයට  වඩා ලොකු හැකියාවක් ඔවුන් සතුව තියෙනවා කියන එක අපිට පැහැදිලියි. 
මේ පිළිබඳව රාජ්‍ය බුදධි  අංශවලින් කළ අනතුරු ඇඟවීම් තමන් සහ කැබිනට් මණ්ඩලය නොදැන සිටි බවට  අගමැතිතුමා කරපු ප‍්‍රකාශය පිළිබ`දව අපි පුදුම විය යුතුයි. අගමැතිතුමන් එම ප‍්‍රකාශයෙන් තමන් විත්තිකරුවෙක් වුණා. කොහොමද අගමැති කෙනෙක් කියන්නේ  මේ රටේ රාජ්‍ය බුදධි  අංශවලින් කරන ලද අනතුරු ඇඟවීමක් ඔහු නොදැන හිටියා කියලා. මේ හදන්නේ ජනාධිපතිතුමා  පිට වරද පටවන්නයි. ඒවගේම එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමේ උත්සාහයක්  තියෙනවා.
 
මේක දුරදිග ගියොත් ව්‍යවස්ථාවට පිටින් අනීතික  ආණ්ඩු බලයක් ඇතිවීමේ අවධානමක් පවා තියෙනවා. ඒ නිසා මේ සිදුවීම් පිළිබඳ සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුයි ” යැයිද වාසුදේව නානායක්කාර මහතා එහිදී පැවසීය.
 
ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, සමාජවාදී ජනතා පෙරමුණේ ප‍්‍රධාන ලේකම්  නීතීඥ  රාජා කොල්ලූරේ යන මහත්වරුන් සහ දේශ විමුක්ති ජනතා පෙරමුණේ උපසභාපති ගලගම ධම්මරංසි හිමියෝ ද මීට සහභාගී වූහ.



අදහස් (0)

‘එජාපය තමන්ගේ ගැළවීමට බෝම්බ පිපිරීම් සිද්ධි යොදාගන්නවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site