(නිමල් ජයරත්න)
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්විය යුත්තේ බිම් මට්ටමේ ශාඛාවල සාමාජිකයින් යෝජනා කරන, පක්ෂයේ ජනප්‍රියතම පුද්ගලයා බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද(14) පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පාක්ෂිකයින් පිරිසක් අමතමින් පැවසීය.
තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 1125දෙනෙකුගේ නිවාස සෙවිලි කරගැනීමට රුපියල් ලක්ෂ 400ක් වටිනා උපකරණ සහ ආධාර ලබාදීමේ උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේද කීය.
“යහපාලනය වෙනුවෙන් එළියට බැස්ස ප්‍රථමයා හැටියට යහපාලනය ආරක්ෂා කරන්න නම් අපි ආදර්ශවත් විය යුතුයි. අද කවුරුත් අහනවා අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. තවමත් නිල වශයෙන් පක්ෂයකින් ඒ බව දැනුම් දී නැහැ. හැබැයි අපේ පක්ෂයේ අපේක්ෂකයා කවුරු විය යුතුද කියලා මම අදහසක් ඉදිරිපත් කරනවා.
හැම දිස්ත්‍රික්කයකම තිබෙනවා බිම් මට්ටමේ ශාඛා. අන්න ඒවායින් ඇහුවානම් මහා ලොකු හඬක් එයි කවුද අපේක්ෂකයා කියලා. ඒ උපදෙසයි අපේ නායකයෝ ගතයුත්තේ. ජනතාව කවුද අනුමත කරන්නේ, ඔවුන්ගේ ඉල්ලීම කොතැනද, ඒ පුද්ගලයායි අපේ අපේක්ෂකයා විය යුත්තේ.
අපේ පක්ෂයේ සාමාජිකයින්ට තීරණය කරන්න දෙනවා නම් ඔවුන්ගේ නායකයා කවුද කියලා, එයයි ප්‍රජාතන්ත්‍රවාදය. අපි ඉදිරි දිනවලදී ලොකු සටනක් කරනවා පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ගෙනල්ලා, පාක්ෂිකයන් ඉල්ලන නායකත්වය අරන් එන්න” යැයි ඒ මහතා කීවේය.
මෙම අවස්ථාවට උතුරුමැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.එල්.ඒ.ඩොනල්ඩ් මහතා, ජගත් සමරසිංහ මහතා, ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු, පක්ෂ සාමාජිකවරු රැසක් එක්ව සිටියහ.


COMMENTS
ඔය හොඳයි.. ඒ වුණාට ඔයාට හරි තීන්දු තීරණ ගන්න අමාරුයි නේද? මතකනේ දින 52
කොහෙද අනේ එජාපෙ ජනප්‍රියම පුද්ගලයෝ ඉන්නේ? ඉන්න ඔක්කොම ජන අප්‍රිය අයයි.
ජනප්‍රිය කමෙන් වැඩක් නැහැ. ජනතාවගේ දුක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වියයුතුයි... පවුල් බරින් තොර, කටවාචාල නොවී උදරය ලොකු නොවී, මුදලට ගිජු නැති, මේ ටික තිබුණොත් ඔහුයි ජනපති... කලින් හිටිය ජනපතිට... මේ දේවල් ඕනෑවට වැඩිය පිහිටලා තිබුණා. ඒ නිසා අදටත් ජනතාව දුක් විඳිනවා. තමන් හරි හොඳයි කියලා පෙන්වන්න පන්සල් යන්නම වුවමනා නැහැ. වංචාව නොකර හිටියම ඇති, තණහාව, මලපෙරේතකම නැතිනම්... මේ රට ගොඩගන්න එක අරුමයක් නොවේ. පොඩ්ඩක් හරි මොලයක් තියෙනවා නම්...
මෙයා කියන දේ තමයි පිළිගන්න ඕනේ... කිසිම ප්‍රතිපත්තියක් නැති ඕනෙම උදවියට තමයි මෙයාගේ ප්‍රතිපත්ති හොඳ... මේ රටේ සියලු දෙනා දැක්කා පහුගිය දිනවල තිබුණු මෙයා කරපු කියපු දේවල්... මෙයාගේ මුතුන් මිත්තන්ගේ සොහොන් වලටත් ලැජ්ජයි කරපු හරියට...
පක්ෂය තුළ ඡන්දයකින් පෙන්වන්න පක්ෂයේ ජනප්‍රියතම පුද්ගලයා කවුද කියලා...
එක වෙලාවකට ඒ පැත්තට පනින ඊළඟ වෙලාවට මේ පැත්තට පනින, ආයෙත් තව පැත්තකට පනින කට්ටිය හැම පැත්තෙන්ම ජනප්‍රිය වෙන්න පුළුවනි. එහෙම කෙනෙක් ගැනද මේ කියන්නේ? කුඩා කාලේ ඉඳලා අපි ආදරේ කරපු යූ.එන්.පී. යටත් අනේ ගිය කලක හැටි. තමුන්ගේ දේපල පක්ෂේ නිසා නැති කරගත්තු යූ.එන්.පී. කාරයන්වයි... අපි ඒ කාලේ දැනගෙන හිටියේ.
කිල්ලට බයේ කාගෙන් වත් කන්නේ නැති ,විද්‍යාව තාක්ෂනය වෙනුවට රාහු කාලය , නැකත් , ග්‍රහ චාරය, මන්ත්‍ර ශාස්ත්‍ර මතම යැපෙන, රට ආපස්සට ගෙන යා හැකි කෙනෙක් ගැන නේද කියන්නේ.
ජනප්‍රියම පුද්ගලයා නම් ඉතින් රනිල්ම තමයි නේද?
ඇමෙරිකාවේ තිබෙන්නේත් පක්ෂයක ප්‍රතිපත්ති වලට අනුව විධායකය තෝරාගැනීමේ ක්‍රමයක්. නමුත් ඇමෙරිකානු ජනාධිපති වරයා තේරීමේදී මුලික මැතිවරණ පවත්වා ඔය කියන ක්‍රමයටම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ කවුරුන්දැයි තෝරනවා. එයයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. එම මුලික මැතිවරණ වලට පක්ෂ සාමාජිකයෙකු වන ඕනෑම කෙනෙකුට නිදහසේ ඉදිරිපත්වීමේ හැකියාව තිබෙනවා. සමහර අවස්ථාවල පැරණි සාමාජිකයින් අභිබවා නව ප්‍රචලිත නොවූ නව සාමාජිකයින් පක්ෂයේ කැමැත්ත දිනාගන්නවා. එම කැමැත්ත දුක හඳුනා ගැනීම, ජනප්‍රියත්වය, වගේම ඔහු ඉදිරිපත් කරන පුද්ගලික ප්‍රතිපත්ති වීමට පුළුවනි. ජනාධිපති ට්‍රම්ප් ගේ පත්වීමත් එවැන්නක්. නමුත් එසේ මුලික මැතිවරණයෙන් ජයගන්න පුද්ගලයට මුළු පක්ෂයම ජනාධිපති වරණයේදී සහය දෙනවා. ඒ රටේ ප්‍රජාතන්ත්‍ර වාදය බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක වන්නේ එලෙසයි. එසේ නොමැතිව පක්ෂයේ නියෝජිතයින් තේරීමත්, නායකයා තේරීමත්, පක්ෂ විධායක සභාව (කෘත්යදිකාරී සභාව වැනි) සර්වබලධාරියකු විසින් කරන්නේ නැහැ. ඒ එම ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය නොවන නිසයි.
ජන අප්‍රිය පුද්ගලයා තමයි ඉන්නේ.
කව්රුන් ආවත් ඔය තනතුරට පත්වුණු ගමන් පංචස්කන්දය සම්පුර්ණ වෙනස් වෙනවා. පේනවා නේද යහපාල ?
ඡන්දෙ ලං උනාම තමා ජනතාවට බඩු බෙදන්නේ නේද.