(මුදිතා දයානන්ද)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජය ශක්තිමත් කිරිමට උපරිම දායකත්වය ලබාදෙන බව වනජීවි හා සංචාරක කටයුතු අමාත්‍යංශයට අභිනවයෙන් පත්වූ වසන්ත සේනානායක අමාත්‍යවරයා අද (31) පැවසීය.
සේනානායක මහතා මෙසේ පැවසූයේ සිය අමාත්‍යංශය වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
මම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා නැහැ. තවමත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරයෙක්.ඇමතිධුරයක් ගත්තා කියලා මන්ත‍්‍රීකමෙන් හෝ පක්ෂයෙන් ඉවත් කරන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවී වෙනත් ආණ්ඩුවල ඇමතිකම් ගත්ත පළමු වැනියා මම නෙවෙයි.
කරු ජයසූරිය මහතා පවා ජාතික අවශ්‍යතාවය සලකා එලෙස සිදුකර තිබෙනවා .
මම මේ ආණ්ඩුව හදන්න එකතු වුණේ රටට හොඳ ආණ්ඩුවක් ඕන, ඒක පවත්වාගෙන යන්න ඕන කියලා හිතුව නිසයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙත් වෙනසක් වෙන්න ඕන කියලා මා විශ්වාස කරනවා.ඩි. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක නායකවරුන්ගේ කාලයේ පැවති ප‍්‍රතිපත්ති සමඟ එක්සත් ජාතික පක්ෂය ගොඩනැගිය යුතුයි. කියලා මම විශ්වාසය කරනවා.



(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
සෙවල කමක තරම...
මොකෝ සේනානායක දෙපැත්තේම කකුල?
ඔන්න ඔබතුමාට හොඳ ආරංචියක්... ප්‍රේමදාස මහත්තයත් ජනාධිපතිතුමාව මුණ ගැහිලා. පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම රහසිගත හමුව සිදුව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා එහි ගොස් ඇත්තේද කිසිවෙකුගේ හෝ ඇසට හසු නොවන පරිදි පස්ස දොරින්ලු. ඒ වගේම එම හමුවේදී සාකච්ඡා කෙරුණු කිසිවක් ප්‍රේමදාස මහතා කිසිවෙකු හෝ සමඟ පවසා නොමැති බවයි කියන්නේ. දැන් සතුටුයිද? ඔබ තුමා කරපු දෙයින් පාඩුවෙලා තියෙන්නේ "ජාතියේ පියා" චිත්‍රපටයේ නිෂ්පාදක මහත්තයාට කියනවා. මිනිස්සු දැන් ඒක බලන්න යන එක අඩු කරලා...
ඔව් එක කකුලක් මේ පැත්තේ... අනික් කකුල ඒ පැත්තේ. වාසි පැත්තට හෝයියා.
ඕක හරියට නෝනාගෙන් දික්කසාද වුණත් නෝනා එක්කම ඉන්නවා වගේ කතාවක්නේ. ලජ්ජා නැද්ද?
මෙයාලා බුදින්නේ අසූචිද? චික් විතරක්...
ඕකට කියන්නේ මොකක්ද කියලා හිතාගන්නකෝ?
එජාපෙ ඉන්න ලැබෙන්න ඕනනේ සහය දෙන්න. ඔය ඇමතිකම දෙන්න ළමයෙක්ට..
මුහුණෙන් පේනවා කෑදරකම... සේනානායක පරම්පරාවේ කියන්න නම් බැහැ. මොකක්හරි වැරදීමක්..
අයියෝ මෙහෙම අයටද රටේ ජනවරම් ලැබෙන්නේ? ඍජු ප්‍රතිපත්තියක් නැති මිනිස්සු... පාලකයින්ව අල්ලේ නටවන්නේ මේ වගේ අය තමයි.
ඔයාගේ නමෙන් සේනානායක කියන කෑල්ල අයින්කරන්න. ඔයා කොහොමත් සේනානායක පරපුරටම ගලපෙන්නම නැහැ. කී සැරයක් මෙහෙම බල්ටි ගහන්නද? වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වයට මටත් විවේචන තියනවා. නමුත් ඔයා 2015 මහින්ද දුෂිතයි කියල ඇවිල්ලා, දැන් ආපහු එයා ගාවටම ගියා. කරු ජයසූරියලා ගියේ රට වෙනුවෙන්. ඒ වකවානුවේ දුෂණයක් පේන්න තිබුණේ නැහැ. දැන් ඔයා දැනදැනම දූෂිතයින් ගාවගන්නේ තනතුරු සඳහා...
" ..දේශපාලනයේදී සදාකාලික සතුරන්වත්, සදාකාලික මිතුරන්වත් නැත ..." කියලා කියනවා නේද..? හැබැයි ඉතින් දෙගොල්ලොම එකතුවෙලා රටවැසියන්ව රවට්ටන එක තමයි කරන්නේ.
මිනිස්සු ඡන්දෙ දෙන්නේ පක්ෂ මාරු කරන්න නෙවී. දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන ප්‍රතිපත්තියටයි. ප්‍රතිපත්තිය මාරු කළ මිනිහකුට පක්ෂෙට අයිතියක් කොයින්ද ? මේක හැම පාර්ලිමේන්තු නියෝජිතයෙක්ටම වලංගු කතාවක්. වතුකරේ දෙමල නායකයෙක් කිව්වා පක්ෂේ මාරු කළේ එයාගේ අයිතිය වෙනුවෙන් කියල. එතකොට එයාව පත්කළ ජනතාවගේ අයිතිය බල්ලට දාලද? ජනතාවගේ අයිතිය වෙනුවෙන් මෙයාල මෙතනට යවන්නේ.? දැන් නම් දෙපැත්තේම මේ ජරා ක්‍රමවේදය විසි වෙන්න අපි ඡන්දය භාවිත කළේ නැත්නම්. අපිට දෙස් තියයි අනාගත පරපුර. ..
මම මින් පසු ප්‍රතිචාර දාන්නේ නැත. ඒ වගේම මගේ ඡන්දය වැඩිම ලංසුවට විකුනමි. මොකද මහා එවුන්ට පුළුවන් නම් අපි කළාම මොකද.
නම්බුව එහෙන් පිටිම්ම කාබාසිනියා කරලා දෙන කියනවා මෙහෙම.... මේ අයට ඡන්දය දෙන්න හොඳ නැහැ ඊළඟ පාර... හෙනම තමයි..