(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
එජාපයේ අරගලය අවසන් වන්නේ අගමැති ධුරය පමණක් නොව ජනාධිපති ධුරයත් ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ලබාගෙන යැයි එජාපයේ ගාල්ල දිස්ත්‍රික් නායක හා ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
අද (24) ගාල්ල උළුවිටිකේ පැවති එජාප ගාල්ල දිස්ත්‍රික් සංවිධානයේ රැස්විමේද මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය හෙතෙම මේසේද කිවේය.
දැන් තියෙන්නේ හැංගිමුත්තම් ආණ්ඩුවක්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එජාපය සමග දේශපාලන පක්ෂ එකට එකුවෙලා ඉන්නවා. ආණ්ඩුවෙන් තව තුන්දෙනෙක් හතර දෙනෙක් පස් දෙනෙක් එන්න ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදිව මේ අරගලය විසදාගන්න වෙනවා. ආණ්ඩුක්‍රම වි්‍යස්ථාව අනුව අගමැති ඉවත් කරන්න බැහැ.19 වැනි සංශෝධන අනුව අගමැති ඉවත්කරන්න ඔහු මිය ඕන. නැතිනම් මන්ත්‍රි ධුරය නැතිවෙන්න ඕනෑ.
26 වැනිද නිති විරෝධිව අගමැතිවරයෙක් පත් කළා .පත් කිරිම ව්‍යවස්ථා විරෝධියි. නිවස බදු දුන්නේ වසර 05කට නමුත් ගිවිසුම මැද්දෙ.න් කැඩුවා හොරෙන් වෙන කෙනෙක් පත් වෙනවා. ව්‍යාජ කෙනෙක් පත්වෙනවා මේ ව්‍යාජ අගමැති ඉවත් කරන්න නිතියට අනුව කටයුතු කරන්න වෙනවා. නිත්‍යානුකුල ක්‍රමවේදයකට අනුව තමයි එය කළ යුතු වන්නේ...
රටම අද බරපතල ප්‍රශ්නයකට මුහුණ දිලා තියෙනවා. සංචාරකයින් එන්නේ නැහැ. රටේ හෝටල් වැහැලා. දැන් සංචාරකයින් නැහැ. සංචාරක ව්‍යාපාරයේ නිරත සියලු වාහන කොට උඩ...
අපි පාර්ලිමේන්තුව ඇතුලේ විශල අරගලයක් කළා. මේ ආණ්ඩුවේ අය හැංගමුත්ත කාරයින් වගේ හැසිරෙනවා. අද අගමැතිවයෙක් අමාත්‍ය මණ්ඩලයක් නැහැ. ආණ්ඩුවක් නැහැ. මාධ්‍ය ආයතන වහල් ආයතන බවට පත් වෙලා . අයිතිකරුවන් වහල් බවට පත්වෙලා යැයිද ද මන්ත්‍රිවරයා කිවේය.
COMMENTS
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති කෙනෙක්නම් නොසිතන්න ? පොදු අපේක්ෂක පමණි.
සිරිසේන ජනාධිපතිගේ වර දෙක අවසන් වෙන කලදී ඒ ගැන හිතන්න. ඒ කියන්නේ තව අවුරුදු හයකට පස්සේ. ඊටත් පස්සේ ජනාධිපතිකමට හොඳ පොදු අපේක්ෂකයෙක්. දේශපාලනය නොකරපු කෙනෙක් වුනත් කමක් නැහැ කියලා මමනම් හිතන්නේ. හරියට ඇමරිකාවේ ජනාධිපති වගේ.
අනේ මගේ කට... හොඳට නින්ද ගිහිල්ලා වගේ... හොඳ හීන පේන්නේ මෙයාලටයි...
2018 වර්ෂයේ ඡන්ද විමසීමේදී 34% ක සුළුතරයක් ඇති ඔබලා මහ මැතිවරණයකින් බලයට පැමිණෙන්න වෙන්නේ... අනිත් අයට දොළ පිදේනි දීලා තමයි.
රනිල්ද ජනාධිපති?
පසුගිය අවුරුදු 3 1/2 ගහපු බදු වලට තිබෙන මන්ත්‍රී කම් ටිකත් ලබන පාර ලැබුනොත් පුදුමයි
පොදු ජනයාට ඕනේ දේ ගැන මුරලි කිවා. අනිත් බයිලා වලින් නම් අපිට වැඩක් නැහැ. අපිට අවශ්‍ය දේ නොලැබුනොත් තමා කාට කාටත් බලාගන්න පුළුවන් වෙන්නේ.
හීන දකිනවා වගේ. ඇයි ඔච්චර බලයට පෙරේත?
ඔය කියන හැම දෙයක්ම ලබා ගන්න ජනතාව ඉදිරියට ගිහිල්ල ඡන්දයකින්. ඔබතුමන්ලා මොකටද ඒකට මැලි වෙන්නේ?
එජාපයේ අරගලය අවසන් වන්නේ අගමැති ධුරය පමණක් නොව ජනාධිපති ධුරයත් ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ලබාගෙන යැයි එජාපයේ ගාල්ල දිස්ත්‍රික් නායක හා ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. = 100% පුද්ගලයකු ජනාධිපති වූ පමණින් රටක් පාලනය කිරීමට නොහැක. ඒ සදහා දේශපාලන පළපුරුද්දට වඩා වැදගත්වන්නේ උගත්කම, බුද්ධිමත්කම, ව්‍යවස්ථාව පිලිබදව, නිතිය, ඉවසිඉම, දුර දක්නා නුවන සහ පක්ෂ පාට ජාති ආගම් බේධ වලින් තොරව රටක් ඉදිරියට ගෙනයාමේ හැකියාවක් පරිපාලන දැනුම පමණක් නොව ලෝකයේ ප්‍රබල රටවල් සමග සංවිදාන සමග ඍජුව ගනුදෙනු කර රටට වාසිවන ආකාරයට වැඩකටයුතු කිරීමට නම් ඉතා හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබෙන පුද්ගලයකුට පමණි. රටක අනාගතය රඳවා පවතින්නේ දේශපාලකයාගේ ජනප්‍රිය මතම නොවේ. රටක් උගත් බුද්දිමත් නායකයකු පාලන කරනවිට ඔහු ගන්නා තීරණ උගත් බුද්දිමත් තීරණය. එමතිරණ ලෝකයේ දියුණු රටවල් අගය කරනු ලැබේ.
1994 සිට මේ දක්වා පුරා අවුරුදු 24 ක්ම කියන්නේ මෙහම තමයි. විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන් UNP එකට, පැවති ජනාධිපතිවරණ 6න් දිනන්න පුළුවන් වුනේ එකම එක මැතිවරණයයි. ඒ ප්‍රමදාස මහතා විසින්. ඉතුරු 5න් තුනක්ම පරාදයි. මැතිවරණ දෙකක් පරාජයට පත් වුනේ රනිල් විසින්. තවද මැතිවරණ දෙකක් රනිල්ගේ නායකත්වයෙන් තරඟ නොදී, පිටින් අපේක්ෂකයෝ බද්දට අරන්, අද දුක් විඳිනවා. මෙවැනි නායකත්වය යටතේ තව දුරටත් දිනන්න පුළුවන් නං, ලොකුම මෝඩකම.
මෙයා දවල් හීනයක් දැකලද කොහෙද? මහාත්තයෝ මෙහෙමවත් කියලා හිත හදාගෙන සතුටුව ඉමු හොදද?
මහජන ඡන්දෙකක්ට ගියොත් පමණයි ජනතාව නිහඬ වෙන්නේ. නැතුව 71 දෙනෙකුට ජීවිත කාලයටම ජනතා මුදලින් පින්පඩි ගෙවන්න ජනතාව ලැහැස්ති නැත.
ඡන්දෙන් ද?
ගිය අවුරුදු 4 ට රටට වැඩකලා නම් ඔහොම වෙන්නේ නැහැ නේද. කප්පරක් බදු ගහලා ඒගොල්ලන්ට බදු සහන සමග වැටුප් සහ දීමනා වැඩිකර ගත්තා.
රටේ ජනතාවට පහුගිය රජය එපා වෙලා. 2015-2018 දක්වා ජනතාව අසරණ කලා
ජයවේවා !!!
ජවිපෙ, එජාප, ටීඑන්ඒ.. සංධානයක් තුළින් පොහොට්ටුව පරාජය කළ හැකියි. ඒ සඳහා නව නායකත්වයක් යටතේ එජාපය සංවිධානය වියයුතුයි. රනිල් වික්‍රමසිංහට නව ලිබරල් ලංකාවක් තනාදීම සඳහා ලබාදුන් සියලු අවස්ථා අපතේ හැර ඇත. මෙය ඛේදනීය වුවද එජාපයට තරුණ දක්ෂිනාන්ශික නායකත්වයක් සොයාගැනීම අපහසු නොවේ...
රනිල්ද ජනාදිපති අපේක්ෂකයා? ඇපත් නෑ
හාහා ජනාධිපති ධුරය ගන්න ඉස්සෙල්ලා ලබන පාර මන්ත්‍රිකම බේරගන්න බැැලුවොත් හොඳයි. උසාවියට බල පෑමි කරලා, තානාපතින්ව වන්දනා කරලාද ඔය කියන ජනාධිපතිකම ගන්න හදන්නේ..? පුළුවන් නම් එන්න මහ මැතිවරණයට... ජනාධිපති ජනතාව තෝරාවි...
එතකොට හරිද ඔක්කොම.. දැන් හා කියන්නද ඕන.. වෙන මොකුත් කියන්න නැද්ද..