( අංජුල මහික වීරරත්න )
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂිම් මහතා විසින් ද්‍රවිඩ ජාතික සංවිධානයට ලිඛිතව දැනුම් දෙනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කබීර් හෂිම් මහතා මෙම දැනුම් දීම කර ඇත්තේ ද්‍රවිඩ ජාතික සංවිධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වෙත ලිපියක් යවමිනි.
ආර් සම්බන්ධන් මහතාට යැවු ලිපියේ පිටපත ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතාටද යැවීමට කබීර් හෂිම් මහතා පියවර ගෙන තිබේ.
අගමැති පත් කිරීම සඳහා ද්‍රවිඩ ජාතික සංවිධානය එක්සත් ජාතික පෙරමුණට සහය පළ කරමින් එහි මන්ත්‍රීවරුන් 14 දෙනකුගේ අත්සන් සහිතව නොවැම්බර් 29 වැනිදා ජනාධිපතිවරයාට යැවු ලිපියට ප්‍රතිචාර ලෙස කබීර් හෂිම් මහතා ඉහත ලිපිය යැවීමට තීරණය කර තිබේ.
(එම ලිපිය පහත දැක්වේ )

COMMENTS
රනිල් ඊළඟ මහමැතිවරණයට අගමැති අපේක්ෂකයා වෙනවනම් අපි අනුරකුමාරට සහයෝගය දෙනවා. දිනලා බලමු.
රනිල්ගේ බල ලෝභය නිසා ටීඑන්ඒ එකේ අල්ලේ නටන රූකඩයක් බවට යූඑන්පී ය පත්වී ඇත.
එක්සත් ජාතික පාක්ෂිකයකු වශයෙන් පක්ෂයට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා.
බොහෝවිට රජයේ නිලධාරින්ද නිරන්තරයෙන් ව්‍යවස්ථාව කඩනවා. දේශපාලකයින් විතරක් නෙමෙයි... මේක ව්‍යවස්ථාවේ වටිනාකම රටටම වටහාගන්න අවස්ථාවක් වුණා. ඒ ගැන ජනාධිපතිතුමාට හා රනිල් මහතාට ස්තුතියි.
කබීර්හෂීම් ඔය පෙන්වන්නේ රනිල්ට තිබෙන කැමැත්ත නොව අනික් තැනැත්තාට තිබෙන අකමැත්තයි. අපිට එපාවෙලා තිබෙන්නේ එජාපය නිසා කැහි ගැහැණිත් එකයි, හොටු ගැහැණිත් එකයි. කවුරු ආවත් පරාජය නියතයි...
අපගේ තේරීම ඔය කුණු ගොඩවල් දෙකම නෙමේ...
එතකොට ඔය අගමැති, මම ජනාධිපති කියපු කතාව අවලංගු කළාද? සජිත් පුතේ ඔබට හැමදාම කොට අදින්න තමයි වෙන්නේ...
මේ අපේ මහ බැංකුවට හතර ගාතේ වැටෙන්න දුන්නු රෑනෙන් එක් නම්බුකාර හොරදෙටුවෙක් නේද?
හොඳ තීරණයක් කබීර් හෂීම්ට ස්තුතියි...
මේ ඔක්කොටම අමු කැවිලා ඉන්නේ? ඇයි රනිල් නැතිව වෙන නායකත්වයක් ඇත්තෙම නැද්ද? ඔය රනිල් ප්‍රමුඛ මැති ඇමති ගොල්ලන් මේ ටික කාලෙට මොනවද කලේ? ඔක්කොම පන්නන ඕනෑ නාකි ටික, මිරිස්කුඩු නොවෙයි අසුචි ගැහැව්වත් පාර්ලිමේන්තුවෙන් යන්නේ නැතිවෙයි.