(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති, ශාඛා, සංවිධාන සහ බල මණ්ඩල සහ කාන්තා සංවිධාන වහාම ක‍්‍රියාත්මක වන පරිදි බළ ගැන්වීමට තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් මේ පිළබඳ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.
විවිධ කණ්ඩායම් විසින් එක්සත් ජාතික පක්ෂය පිළිබඳ ගෙන යන දුර්මත පරාජයට පත් කරමින් යථාර්ථය සමාජගත කිරීමත්, නීතිය ප‍්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය සමාජය තුළ ස්ථාපිත කිරීමත් අරමුණු කර ගනිමින් මෙම අනුබද්ධ සංවිධාන සියල්ල තවදුරටත් පුළුල් කරමින් ප‍්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරන බව මහලේකම්වරයා එහිදි පැවැසීය.
මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයන්, රණවිරුවන්, සිවිල් සංවිධාන, වෘත්තිකයින්, කලාකරුවන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, ගොවීන්, විදෙස් ශ‍්‍රමිකයන් ඇතුළු සමාජය නියෝජනය කරන සියලූ ක්ෂේත‍්‍රයන්ට අයත් ජනතාව මෙම අනුබද්ධ සංවිධාන නියෝජනය කරන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
බල ගන්වලා මොනා කරන්නද?
දැන්ද සංඝයාවහන්සේලා, රණවිරුවෝ, කම්කරුවෝ මතක්වෙන්නේ...? දේශපාලන පිළිගැනීම්වලට ලක්වෙච්ච අයටත් ආයේ ලිපි යවන්න පටන්ගන්න... 2004 වගේ.
මොනවා බල ගැන්නුවත් වැඩක් නැහැ මහත්තයෝ, පක්ෂයේ නායකත්වය වෙනස් වෙන්නේ නැත්නම්, ඔය කියන දෙවල් බලගන්න ඕනෑ නැහැ. තමුන්නාන්සේලා මීටකලින් ජනතාවට දැනෙන්න දෙයක් කරලා තියෙනවා නම්... මේවා පුහුආටෝප විතරයි. බලය රැකගන්න කරන දෙවල් කියලා ජනතාව දන්නවා. රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ මෝඩයො නෙමෙයි මහාත්තයෝ. එදා බලය රැකගන්න ඔය වගේ දේවල් කළා. එදා කරපු දේවල් අද කරනවා කියන්නේ.. අද තමුන්නාන්සේලා මෝඩයෝ කියන එක තමයි කියන්න තියෙන්නේ...
මෙවැනි වැඩට පැරණි කියමනක් තියෙනවා. එහි භාෂාව එතරම් ශිෂ්ඨ නැතිනිසා සටහන් කරන්න අමාරුයි. එයින් කියන්නේ වැසිකිළි යන්න වුවමනා වුනාම මොකක්ද මතක්වෙනවා වගේ කියලා... මේ වැඩෙත් ඒවගේ..
තවත් රට අරාජික කරන්න හදන්න යන්නේ...
පිරිමි නර්ස් නම් බල ගැන්විලම තමයි ඉන්නේ... පහුගිය අවුරුදු තුනේම.. පිටරට යනවා එනවා ඉවරයක් නැහැ. ආණ්ඩුව පෙරළුණු හැටියේම බලය බඩයන්න ගන්නවා.
අවුරුදු 3ක් ගෙවුණා. දැන් තමයි ගම මතක් වුණේ.. ගමේ ඔක්කොම දන්නවා. බැංකුවට විද්ද එකනම්...
අවුරුදු 3ක් ගෙවුණා. ගමකට කරපු සංවර්ධන වැඩක් දකින්නත් නැහැ. ගමේ මිනිස්සු බහුතරය පෙන්නුවා ප්‍රාදේශීය සභා මැතිවරණයේදී..
ගොවියෝ නම් ළංකරගෙන බැහැ. රටෙන් හැමදේම ගෙනැල්ලා පොහොර මිල යවලා ගොවියා මඩේ යවන වැඩ කළේ...