එෆ්.අස්ලම්
එක්සත් ජාතික පෙරමුණට සහාය දීමට දෙමළ ජාතික සන්ධානය විසින් ගනු ලැබූ තීරණයට දැඩි අප්‍රසාදය පලකරන ටෙලෝ සංවිධානය සහාය දුන් මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහාය ඉල්ලා අස්කර ගැනීමටද කටයුතු කරන බව සඳහන් කර සිටීයි.
දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් හා නියෝජිත කවින්ද්‍රන් කෝඩිස්වරන් යන මන්ත්‍රීවරුන් විසින් එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කර තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ මෙම තීරණය හේතුවෙන් ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභා රැස්වීමද හදිසියේම සෙනසුරාදා (01)වැනි දා වව්නියාවේදී කැදවා තිබේ.
දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගත යුතුව තිබුණේ පක්ෂ සම්බන්ධීකරණ කමිටු තීරණයකට අනුව මිස පාර්ලිමේන්තු කණ්ඩායම් තීරණයකට අනුව නොවන බවත් මෙකී තීරණය පිළිනොගන්නා බවත් ටෙලෝ සංවිධානයේ උප සභාපති හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය
වත්මන් දේශපාලන තත්ත්වය මැද මහින්ද පරද්දනවාද රනිල් දිනවද කියල හිතල කටයුතු කිරීම සුදුසු නැහැ. දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන මේ යූ.එන්.පී ආණ්ඩුවට සහාය වෙලා අවුරුදු තුනහමාරක් දෙමළ ජාතික සන්ධානය කටයුතු කළත් ඒ ප්‍රශ්න විසදා දෙන්න පුළුවන් වුණේ නැහැ.ඒ ආණ්ඩුව ගැන අපටත් දෙමළ ජනතාවටත් කිසිදු විශ්වාසයක් නැහැ.
මේ ගැන කටයුතු කරන්නෙ කොහොමද කියල සාකච්ඡා කර තීරණය කරන්න දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම කැඳවන්න කියල අපි සන්ධානයේ නායකත්වයෙන් ඉල්ලුවා. එහෙත් එහෙම කළේ නැහැ. මහින්ද ද රනිල් ද කියල බලන්නේ නැතුව දෙමළ ජාතික සන්ධානය මේ දෙපාර්ශවය එක්කම දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න තිබුණා. ඒ ප්‍රශ්ණ විසඳා දෙනවා කියල පිළිගන්න පුළුවන් පොරොන්දුවක් දෙන පාර්ශවයකට සහාය දෙන්න තිබුණා.
එක්සත් ජාතික පෙරමුණට සහාය පල කරල දෙමළ ජාතික සන්ධානයේ 14 දෙනෙකු අත්සන් කරල තියෙනවා. අපි අපේ පක්ෂය නියෝජනය කරමින් මීට අත්සන් තැබූ දෙදෙනාගේ සහාය ඉල්ලා අස්කර ගැනීමට බලකරනවා. පක්ෂයේ පොදු අදහසට විරුද්ධව පක්ෂ නායකත්වයත් පක්ෂයේ නියෝජිතයිනුත් කටයුතු කරන්නෙ නැහැ,යැයිද සිවාජිලිංගම් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු තුනහමාරක් ආණ්ඩුව කරලා උතුරට කිසිම දෙයක් නොකරපු රනිල් මේ අවුරුදු එකහමාරට මොනවා කරන්නද පුළුවන්? මේක තනිකරම දෙමල මිනිසුන්ව රැවටීමක් කරන්නේ... අඩුගානේ රනිල්ගේ අගමැතිකමවත් විශ්වාසයක් නැතිව කොහොමද මෙහෙම පොරොන්දු දෙන්නේ? ජනාධිපති මුලින් කිසිම දෙයක් හොයලා නොබැලුවට මේපාර ලේසිවෙන්නේ නැහැ එජාපයට... එජාපෙ එකට ඕනෙ කරන්නේ බලය ලබාගෙන ඡන්දෙකට යන්ට. අමතක කරන්ට එපා ආණ්ඩුවේ බලය තියාගෙන පළාත්සභා වලට මොකද වුනේ කියලා?
ෆොටෝ එකේ ඉන්න කෙනාගේ කටට හක්ක පටස් එකක් දමන්න බලවත් ආශාවෙන් සිටිමි...