IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


එච්.එන්.ඩී.ඊ - ශිඇට් කඹ ඇදිල්ලෙන් සිසුන් අමාරුවේ

 

(යොහාන් භාසුර)

මට්ටක්කුලිය උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ දෛනික පිරිසිදු කටයුතු සති කීපයකට සිට නොවීම හේතුවෙන් එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් දැඩි අපහසුතාවට පවත්ව සිටිති.

වැසිකිළි පද්ධතිය, නේවාසිකාගාර, ආපනශාලා, ගොඩනැගිලි සහ පරිසරය පිරිසිදු නොකිරීම හේතුවෙන් ඇති වී ඇති දුර්ගන්ධය සහ මදුරු තර්ජනය හේතුවෙන් සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් ඇති වී තිබේ.

නේවාසිකාගාර පිරිසිඳු නොකිරීමෙන් දැඩි අපිරිසිදු තත්වයට පත්වීම නිසා සිසු සිසුවියන් සඳහා නේවාසිකාගාර ලබානොදෙන තත්වයකට පත්ව ඇති බව ද උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා සංගමය චෝදනා කරයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනය යටතේ මෙම උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනය පාලනය වන බවත් එම ආයතනයේ පරිපාලන දුර්වලතාව හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් එම සංගමය කියයි.

මට්ටක්කුලිය උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ පරිපාලනය සහ උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනයේ කඹ ඇදිල්ලක් හේතුවෙන් පිරිසිදු කිරීමේ ටෙන්ඩර් කැඳවීම ප්‍රමාද වීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව ද එම සංගමය වැඩි දුරටත් චෝදනා කරයි.

ඡායාරූප:

මට්ටක්කුලිය උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනය පිරිසිදු නොකිරීම හේතුවෙන් ජරාකීර්ණ වී ඇති ආකාරය 

 



අදහස් (1)

එච්.එන්.ඩී.ඊ - ශිඇට් කඹ ඇදිල්ලෙන් සිසුන් අමාරුවේ

fairoos Tuesday, 08 March 2022 01:02 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව ගිය දවසට තමයි ලංකාවට සෙත.. මේ කරන අපරාධයට හෙණ 7ම වදිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 6 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 592 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site