(සුජිත් හේවාජුලිගේ )
ගිනි ගෙන ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සමුවෙල් ලොස්කොවිට්ස් මහතා සිද්ධියෙන් පරිසරයට වූ විනාශය සම්බන්ධයෙන් මෙරට ජනතාවට සිය කණගාටුව පළ කරයි.
ඔහු මෙසේ කනගාටුව පළකර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ මාධ්‍යයකට සිය අදහස් දක්වමිනි .
සිද්ධියෙන් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන වෘත්තියට සහ පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සමාව සහ කණගාටුව කනගාටුව ප්‍රකාශ කරන බවද ඔහු සඳහන් කරයි.
"මෙම සිදුවීමෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන වෘත්තියට සහ පරිසරයට ඇති වූ හානිය සම්බන්ධයෙන් මම කැමතියි මගේ කණගාටුව ශ්‍රී ලංකා ජනතාවට පළ කිරීමට. සිදුවීම වාර්තා වුණාට පස්සේ අපි මේ සම්බන්ධ විශේෂඥයන් සමඟ සම්බන්ධ වුණා .නාවික ඉන්ධන මගින් සිදුවන පරිසර දූෂණය සඳහා වන ජාත්‍යන්තර අරමුදල සමඟත් අපි වැඩ කරනවා . නමුත් මෙතෙක් නැවෙන් ඉන්ධන කාන්දු වන බවට මෙතෙක් හඳුනාගෙන නැහැ"
"නැවට සිදු වූ හානිය තක්සේරු කිරීම තවම අමාරුයි. අපි නැව රක්ෂණය කරලා තියෙන්නේ. ඒ නිසා අපේ ආයතනයට වන මූල්‍ය පාඩුව ඉතාම අඩුයි . ශ්‍රී ලංකාවට දිය යුතු වන්දිය ගැන තක්සේරු කරගෙන යනවා . නමුත් මතක තබා ගත යුතුයි .ඒක දීර්ඝ ක්‍රියාවලියක් . මෙම සිදුවීම නිමවීමෙන් අනතුරුව එහි හානිය තක්සේරු කළ යුතුයි. අපි මේ වනවිට ශ්‍රී ලංකා බලධාරීන් සමග අදහස් හුවමාරු කර ගනිමින් සිටිනවා .සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එකතුවෙලා අවශ්‍ය කටයුතු කරනවා. මේ වන විටත් වෙරළ පිරිසුදු කිරීම අරඹලා තියෙන්නේ. අපි ඒ සඳහා අවශ්‍ය උපකරණ සපයා දුන්නා"
"මේ වන විට නෞකාවේ කොටසක් ගිලිලා තියෙන්නේ.ඒ වගේම ඒක දැන් මීටර් විසි එකක් විතර ගැඹුරු මුහුදු පත්ලේ වැදිලා තියෙන්නේ .අනෙක් කොටසුත් ගිලෙනවා අපිට පොඩ්ඩක් ඉන්න වෙනවා නෞකාව සම්පූර්ණයෙන් මුහුදු පත්ලට ගිලෙනකම්. ඉන් පසුවයි කළ හැකි දේ ගැන බලන්න වෙන්නේ. මේ වන විට ගැලවුම්කාර විශේෂඥයන් මේ ගැන සෙවිල්ලෙන් ඉන්නේ "

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඒජන්තයා හැන්ගිලාද එළියට එන්නේ නැත්තේ... ?
මොනවා වුණත් ජෙන්ට්ල්මන් කෙනෙක්...