IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


එක්සත් ජනපද කොංග්‍රස් නියෝජිතයෝත් ජනපතිට ලියති

හර්ෂණ තුෂාර සිල්වා
 
 
ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පවත්වාගෙන යෑමට කැපවෙන අතරේම රටේ පාර්ලිමේන්තුව නැවත විවෘත කරන්නැයි ශ්‍රී ලංකාවට අවධාරණය කරන බව එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය මඟහැරීමක් එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව සඳහන් කර ඇත. 
 
ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ ප්‍රධානී එලියට් එංගල් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩල ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සහයෝගීතාවයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ඩේවිඩ් ප්‍රයිස් යන මහත්වරුන්ගේ සහ ශ්‍රී ලංකාව පිළිබඳ කොංග්‍රස් මණ්ඩල සම සභාපතිනි ඩීනා ටිටස් මහත්මියගේ අත්සනින් යුතුව එම ලිපිය යොමු කර ඇත.
 
පාර්ලිමේන්තු සැසිවාරය අත්හිටුවීමට ගත් තීරණය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය මඟ හැරීමකැයි ද එම කමිටුව අදාළ ලිපියෙන් ජනාධිපතිවරයාට දන්වා ඇත. 
 
ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ මෙසේ ද සඳහන් වේ.
 
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉක්මවා යමින් අග්‍රාමාත්‍ය ධුරයට වෙනත් අයකු පත් කිරීම පිළිබඳවත් පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීම පිළිබඳවත් අපි දැඩි අපගේ දැඩි අවධානය යොමු කරමු. කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට අනුව වත්මන් අර්බුදය විසඳාගන්නා ලෙස අපි ඔබට අවධාරණය කරමු. 
 
වසර 2015 දී ඔබ බලයට පත්වීම ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, වගවීම සහ සංහිඳියාව පිළිබඳව නව බලාපොරොත්තුවක් ඇති කරන ලදි. සංඳියා ක්‍රියාවලිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සහ නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යෑමට සහයෝගය දීම ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට ඇති කැපවීම සහ වුවමනාව පෙන්නුම් කරන ලදි. 
 
ශ්‍රී ලංකාව ගන්නා ලද එම පියවරවලට ප්‍රතිචාරයක් ලෙස ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර තිබෙන සබඳතාව තුළ තවදුරටත් ආයෝජනය කිරීමට ඇමෙරිකාව පියවර ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගීතාවට ඇතුළත් කරගැනීම, සහශ්‍ර අභියෝග සමාගම ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ඇති කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම, ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉහළ තාක්ෂණයෙන් යුත් නෞකා ලබාදීම යනාදී පියවර ගන්නා ලදි.  



අදහස් (0)

එක්සත් ජනපද කොංග්‍රස් නියෝජිතයෝත් ජනපතිට ලියති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 56 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2183 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 678 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site