( තිළිණි ද සිල්වා )
ඇමරිකාවේ නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස හිටපු අගවිනිසුරුවරයකු වන ජනාධිපති නීතීඥ , ආචාර්ය මොහාන් පීරිස් මහතා රජය විසින් පත් කරනු ලැබ ඇත.
එම ධූරයේ කටයුතු කරමින් සිටින ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ෂෙනුකා සෙනවිරත්න මහත්මිය ලබන ඔක්තෝබර් මාසයේ සිට නැවත විදේශ සබදතා අමාත්‍යාංශයට කැඳවා ඇති බැවින් පුරප්පාඩු වූ එම ධූරයට මොහාන් පීරිස් මහතා නම් කළ බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී. මෙම පත් කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා එම නම මේවන විට උසස් නිල තල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කර ඇති අතර අනුමැතීන් ලැබුණු වහාම මොහාන් පීරිස් මහතා එම ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇතැයිද එම ආරංචි වැඩිදුරටත් කියා සිටී.
මේවන විට නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයේ කටයුතු කරන ෂෙනුකා සෙනවිරත්න මහත්මිය රජයේ විශ්‍රාම වයස් සීමාව වන අවුරුදු 60 ඉක්මවා ඇති හෙයින් විදේශ අමාත්‍යාංශයට නැවත කැඳවනු ලැබ ඇත.
නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස අලුතින් පත් කරනු ලැබ සිටින මොහාන් පීරිස් මහතා කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ රෝයල් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ. නීතීය පිළිබඳ මොහාන් පීරිස් මහතා 1975 වසරේදී නීතීඥ වෘත්තීයට පිවිස ඇති අතර 1981 දී ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව රජයේ නීතීඥවරයකු ලෙස ද සේවය කළේය. ඉන්පසුව 1996 දී එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්වූ හෙතෙම පෞද්ගලික නීතීඥවරයෙකු වශයෙන් කටයුතු කළේය.
2008 සහ 2011 දක්වා කාලය තුළ නීතිපතිවරයා ලෙසද , 2013 සිට 2015 දක්වා අගවිනිසුරු ධූරයේ ද කටයුතු කරනු ලැබීය. මීට අමතරව පීරිස් මහතා 2011 වසරේදී කැබිනට් මණ්ඩලේ ප්‍රධාන නීතී උපදේශකවරයා වශයෙන් ද , 2012 වසරේදී හා සෙලාන් බැංකුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල සිතූපරිදි සිදුවෙමින් පවතියි. කාටද ආඩම්බර?
ශේනුක සෙනෙවිරත්න 60යි. මොහාන් පීරිස් ගැන මොකද?
නියමයි. අපි ඉල්ලුවේ මේ වෙනස තමයි. මට මේ පුවත දැක්කම ඇඬුනා. ආයෙත් අපි 2011 වගේ කරමු. ඉක්මණින් ප්‍රතිඵල නිකුත් වෙයි.
එතකොට මොහාන් පීරිස් මහතා වයස අවුරුදු 60 ට අඩුද?
ඉතා හොඳයි.
සලකනවා වගේ අත දිගහැරලා , අපි කාටද බය,
මෙයා නේද 2015 දි හිටපු ජනාධිපතිතුමා ගාවට ගිහින් ඕන විදියට, නීතිය, නවල දෙන්නම් කියල අගවිනිසුරු කම ඉල්ලල දනින් වැටුනෙ.
අනේ මන්දා මේ මොනව කරනවද මන්දා.?
මේ අර ජනාධිපතිතුමාට ඕන විදියට තීන්දු දෙන්නම් ගෙදර යවන්න එපා කියලා කියපු කෙනා නේද?
2015 අගවිනිසුරු තනතුරේ රැඳී ඉන්න කෙඳිරි ගාපු හැටි පත්තරවල දැක්කා මතකයි.
ඔව් ඔව්... යුතුකම් ඉෂ්ඨ කරන්නත් එපැයි.
"ඩෝසර් මඟ" වර්ගයේ විහිළුවක්. අවුරුදු 60යි කියලා, විදේශ සේවයේ පළපුරුදුකම් තියෙන ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරීනියක් නැවත කැඳවලා, රාජ තාන්ත්‍රික කටයුතු ගැන කිසි පළපුරුද්දක් නැති, වෘත්තීයමය වශයෙන් අපකීර්තියක් ලැබූ පුද්ගලයෙක් ඒ වෙනුවට යවනවා. මේ විදිහට විදේශ සේවයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 4ක් දෙනෙක් නැවත කැඳවලා තියෙනවා අවුරුදු 60යි කියලා. නැවත කැඳ වූ මේ විදේශ සේවයේ නිලධාරීන් සියලු දෙනාම රට වෙනුවෙන් විශාල සේවයක් නිහඬව කල තානාපතිවරුන් තානාපතිවරියන්. එල්ටීටී එක තිබ්බ කාලේ ඉඳන්, තමන්ගේ වෘත්තීය දැනුම, රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග සහ නිසඟ බුද්ධිය පාවිච්චි කරලා, කාලෙන් කාලෙට පත් වෙච්ච පාලකයන්ගේ අනුවණ තීන්දු වලින් රටට හානියක් වෙන්න ඉඩ නොදී රට ආරක්ෂා කරගත්ත රාජ්‍ය සේවකයන්. ජනාධිපතිවරයාට අවම සදාචාරයක්වත් තියෙනවා නම්, විදේශ සේවා නිලධාරීන්ට, තනාපතිවරු විදිහට තමන්ගේ අවුරුදු 3ක සේවා කාලය ඉවර වෙනකම්වත් ඉඳලා එන්න ඉඩ දෙන්න ඕනේ.
සියල්ල සිතූ පරිදි සිදුවෙමින් පවතියි. දැන් සැපද?
හරි හරි ඔය එන්නේ... පරණ නඩේ රට හදයි.
පට්ට කෙනෙක් නේ දාලා තියෙන්නේ....
සෞභාග්‍යයේ දැක්ම දැන් ටික ටික මිනිස්සු තේරුම් ගනිමින් ඉන්නවා. එක පැත්තකින් කැලෑ ටික තමන්ගේ හෙංචයියන්ට කපා ගන්න දෙනවා.. වැලි බොරළු පස් ජාවාරම ජයටම වෙනවා. පොලිසිය උඩ බලාගෙන ඉන්නවා. එක පැත්තකින් මැටි ඇමතිලාව පුම්බන්න මීඩියා ෂෝ දෙනවා. තව පැත්තකින් පාතාලය හා මත්කුඩු මර්දනය කියලා තමන්ට තර්ජනයක් වෙන්න පුලුවන්, රහස් එළිවෙන්න පුලුවන් සියල්ල මරා දමමින් යනවා. මේ වගේ කපටි අවස්ථාවාදී කපටි මහල්ලන් වගකිවයුතු තනතුරුවලට පත්කරන්නේ ඇයි කියලා මොළයක් තියෙන මහජනතාවට අමුතුවෙන් කිවයුතු නෑ.
අනිච්ඡං..!!! මෙහෙමත් විලි ලැජ්ජා නැති ආණ්ඩුවක්..!!!
නියමයි දැන් සැපයි...
හත්වලාමේ වෙච්චි දේට මක්කරන්නදෝ?
මෙයාගේ පට්ට වැඩ ගැන මුළු රටම දන්නා නිසා අායෙත් ඒවා කියන්න මම කැමති නැහැ. නමුත් සමහර ප්‍රශ්න තිබුණත් ෂේනුකා සෙනෙවිරත්න කියන්නේ විදේශ සේවය ගැන හසල දැනුමක් ඇති කෙනෙක්. ඒ ඇයගේ රැකියාව. විදේශ සේවය සඳහාම පුරුදු පුහුණු වී, රට රටවල් වලට ගොස් පුරුදු පුහුණු වී, ශ්‍රී ලංකාව නියෝජනය කළ තානාපතිවරියක් ලෙස සේවය කළ විදේශ සේවයේ ජෙෂ්ඨතම නිලධාරිනියක්. මේ හාදයාට විදේශ සේවය ගැන තියෙන පලපුරුද්ද මොකක්ද...? ඒ ඇරත් ශේනුකාට වයස අවුරුදු 60ක් පිරීම නිසා විශ්‍රාම යාමට ඇයව ලංකාවට කැඳවනවා නම් ඇය වෙනුවෙන් ඒතැන පිරවිය යුත්තේ විදේශ සේවයේ සිටින වයස අවුරුදු 60ට අඩු නිලධාරියෙක් මිසක් මෙවැනි අවුරුදු 60 පසුකර බොහෝදුර ගිහින් සිටින ගොඩපයයි - වලපයයි තියාගෙන සිටින අය නොවේ.
මෙයාගේ පට්ට වැඩ ගැන මුළු රටම දන්නා නිසා අයෙත් ඒවා කියලා මේ පිටුවම ගඳ ගස්සන්න මම කැමති නැහැ. නමුත් ... සමහර ප්‍රශ්න තිබුණත් ෂේනුකා සෙනෙවිරත්න කියන්නේ විදේශ සේවය ගැන හසල දැනුමක් ඇති කෙනෙක්. ඒ ඇයගේ රැකියාව... විදේශ සේවය සඳහාම පුරුදු පුහුණුවී, රට රටවල්වලට ගොස් පුරුදු පුහුණුවී, ශ්‍රී ලංකාව නියෝජනය කළ තානාපති වරියක් ලෙස සේවය කළ විදේශ සේවයේ ජෙෂ්ඨතම නිලධාරිනියක්... මේ හාදයාට විදේශ සේවය ගැන තියෙන පලපුරුද්ද මොකක්ද...? ඒ ඇරත් ශේනුකාට වයස අවුරුදු 60 පිරීම නිසා විශ්‍රාම යාමට ඇයව ලංකාවට කැඳවනවා නම් ඇය වෙනුවෙන් ඒ තැන පිරවිය යුත්තේ විදේශ සේවයේ සිටින වයස අවුරුදු 60ට අඩු නිලධාරියෙක් මිසක් මෙවැනි අවුරුදු 60 පසුකර බොහෝදුර ගිහින් සිටින ගොඩපයයි - වලපයයි තියාගෙන සිටින බාගෙට මළමිනී නොවෙයි. මොහුව යවන්නට තීරණය කරලා නම් මොහුත් සමග "පෙට්ටියකුත්" යවන්න.
අනේ සර් කියන ඕනදෙයක් කරන්නම් කියන ඕනේ තැනකට වඳින්නම්.