(රංජන් කස්තුරි)
මහනුවර මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ තිදෙනෙකු කොවිඩ් වෛරසය ආසාදිතව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන්නැයි සෞඛ්‍යය ඇමතිවරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.
ඒ අනුව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කිරීමට නියමිතය.
එම සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකර සෞඛ්‍යය ඇමතිවරියට වාර්තාවක් ලබාදීමටද නියමිතය.
මුරුතලාව පදිංචි සිරිපාල රාජපක්ෂ (71) මව වන චන්ද්‍රා රාජපක්ෂ (68) සහ පුතු ධම්මික රාජපක්ෂ (39) යන අයවලුන් කොරෝනා ආසාදිතව ඉකුත්දා මිය ගොස් තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත්කම තමයි. මේ අය පොහොසතුන් වුණා නම් හෝ, දේශපාලකයින්ගේ අනුහස තිබුණා නම් මේ ඉරණමට පත්වන්නේ නැහැ.
පියා මියගියාට පසුව අනිත් අයට ඉක්මණට PCR කරලා රෝහලගත කළා නම් ලෙඩේ අමාරුවෙන්න කලින් බේරගන්න තිබ්බා..