මාතර - ඌරුබොක්ක ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන 44 හැවිරිදි සේවකයෙකි.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී නාදුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
මොහු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හීගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසයි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සංඛ්‍යා ලේඛනද කියන්නේ රටේ අපරාධ අඩු බව?
දැන් බය නැතුව වෙඩි තබා මරා දමන්න පුළුවන් වාතාවරණයක් රටේ පවතිනවා..
රට එච්චරටම දියුණුවෙලානේ.
ජේ.වී.පෙ භීෂණයේ හෙවණැලි වාගේ................. 21 සියවසේ සාමකාමී ශ්‍රී ලංකාවට මරුවාගේ භීෂණය පුරුදු කළේ ජේවීපෙ තමයි.