(දසුන් රාජපක්ෂ)
වැඩ බලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස සේවය කළ 693 දෙනෙකු, තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස උසස් කර සේවයේ ස්ථිර කරන ලදැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අලුතෙන් ඉදිරිපත් වී තිබෙන චක්‍ර ලේඛයට අනුව සුදුසුකම් සම්පූර්ණ කර ඇති මෙම පිරිසගේ සේවාවන් ස්ථිර කර පත්වීම් ලිපි ප්‍රදානය කළ බව නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා අද (19) ලංකාදීපයට පැවසීය.
එමෙන්ම 2 ශ්‍රේණියේ තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස සේවය කළ 300 දෙනෙකු පළමු ශ්‍රේණිය දක්වා උසස් කර ඇති බව ද රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
තැපැල් ස්ථාන විධිමත් කිරීමේ ජාතික වැඩසටහනට අනුව මෙම සේවා උසස්වීම්වලට අදාල චක්‍රලේඛය නිකුත් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd