IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උපවාසයේ නිරත වූ පියවරු දෙදෙනා රෝහල්ගත කරයි

 

අනීෂා මානගේ

වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් දහහතර දෙනකු ඇතුළත් කර නොගැනීම නිසා එයට විරෝධය දැක්වීම සඳහා මාරාන්තික උපවාසයේ නිරත වූ පියවරු දෙදෙනාගෙන් අනෙක් පුද්ගලයාද අද(7) දහවල් අසාධ්‍ය සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වීරකැටිය දිස්ත්‍රීක් රෝහලට ඇතුළත් කළේය.

මෙලෙස මාරාන්තික උපවාසයේ නිරත වීම නිසා අසාධ්‍ය සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කළේ වීරකැටිය කුඩාබැඳිවැව ප්‍රදේශයේ පදිංචි මංජුල ලක්මාල්(31) නම් පියෙකි.

අද උදෑසන ද මෙලෙස මාරාන්තික උපවාසයේ යෙදී සිටි පියෙකු රෝහල්ගත කිරීමට මවුපියවරු පියවර ගත්හ. සුවසැරිය ගිලන් රථයකින් මොවුන් දෙදෙනා රෝහල්ගත කිරීමට අනෙක් මවුපියවරු පියවර ගත්හ.

වීරකැටිය ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේ ප්‍රධාන මාර්ගය අයිනේ අට්ටාලයක් ගසාගෙන එය තුළ රැඳී සිටිමින් මාරාන්තික උපවාසයේ නිරත වන අයට දෙදෙනාට සහය පළ කරමින් තවමත් පාසලක් නොමැති දරුවන් දහහතර සහ එම දරුවන්ගේ මව්පියවරු පිරිසක් රැඳි සිටිති. අසාධ්‍ය වී රෝහල්ගත කළ දෙදෙනා වෙනුවට තවත් දෙදෙනකු උපවාසයට වාඩි වූයේය.

මාරාන්තික උපවාසය පැවැති ස්ථානයට වීරකැටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා පැමිණි අතර ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් වලස්මුල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා සෙව්වන්දි මහත්මිය සහ තවත් නිලධාරිනියක් පැමිණියහ.

මෙම දරුවන් පාසලට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ලබන 11 වැනිදා කමිටු රැස්වීමක් කැඳවා පරීක්ෂණයක් කරන අතර එහිදි මවුපියන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දැන්වීය.

එතෙක් මෙම දරුවන්ට වෙනත් පාසලක් ලබා දීමට කටයුතු කරන බවද පරීක්ෂණයෙන් පසුව වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලය හිමිවන දරුවන්ට අනෙක් පාසලෙන් අස්වීම සඳහා ද අවසර ලබා දෙන බවට දැන්වීය.

එසේ වුවද එම තීරණයටද එකඟ නොවූ මවුපියවරු තවදුරටත් මාරාන්තික උපවාසය අත්නොහැරීමට පියවර ගත්හ.

 



අදහස් (0)

උපවාසයේ නිරත වූ පියවරු දෙදෙනා රෝහල්ගත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site