
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උපරිමාධිකරණය සංකීර්ණයේ අබිලි භාණ්ඩ සහිත ගබඩාවක අද (15) පස්වරුවේ හටගත් ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම ගිනි නිවන හමුදාව සහ ගුවන් හමුදාව එක්ව පාලනය කළ බවත් මෙම ගින්නෙන් එහි ලේඛනාගාරයට හෝ කිසිදු දෙපළකට හානියක් සිදුව නොමැති බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
උපරිමාධිකරණයේ වායු සමනය පද්ධතිය සඳහා භාවිතා කර ඉන් ඉවත්කර තිබු උපකරණ මෙම ගබඩාවේ තිබී ඇති බව ද අජිත් රෝහණ මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ මතය සහ විදුලි ඉංජිනේරු වරයෙකුගේ මතයක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට අමතරව පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර විද්‍යාත්මක සාක්ෂි සොයා ගැනීම සඳහා කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
ඡායාරූපය - ශාන්ත රත්නායක
COMMENTS
මෙ වගේ වැදගත් ස්ථානයක ගිනි නිවීමෙ උපකරණ, පුහුණු නිලධාරීන් නැද්ද? අනෙක් මර්මස්ථානවලටත් එවැනි උපකරණ සවිකර යාවත්කාලීන කරන්න.
ඔවුන් කියනවා. අපි අහනවා.
පරීක්ෂණ කණ්ඩායම් වලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්තා ලබා දෙන්න. බලපෑම් නොකරන්න. කවුරුන් හෝ මේවාට සම්බන්ධ බවට නිවැරදි ලෙස සොයාගත හොත්, ඔවුන්ට පක්ෂ, පාට නොබලා නිසි අයුරු ක්‍රියා කරන්න. රටක අධිකරණයේ ඉහළම ස්ථානයත්, මෙසේ ගිනිගන්නේ නම්, එම රටේ තත්වය ගැන තක්සේරුවක් දිය හැකිද?
පරීක්ෂණ පවත්වන්න වියදම් වන සල්ලි අපරාදෙ... මොකද ඉතින් පරීක්ෂණ කළා කියලා ප්‍රතිඵලයක් නැහැනේ. මීට කළින් ඔය සී.අයි.ඩී එක කරපු පරීක්ෂණවලට මොකද වුණෙ...? මහජනතාව රවට්ටන වැඩක් විතරයි.