IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න ගැන හොයන්න සී.අයි.ඩී. කණ්ඩායම් 3 ක්

 

(ඉන්දිකා  රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

උපරිමාධිකරණය  සංකීර්ණයේ  අබිලි  භාණ්ඩ සහිත ගබඩාවක අද (15) පස්වරුවේ හටගත් ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය  පොලිස්පති  අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම ගිනි නිවන හමුදාව සහ ගුවන් හමුදාව එක්ව පාලනය කළ බවත් මෙම ගින්නෙන් එහි ලේඛනාගාරයට හෝ කිසිදු දෙපළකට හානියක් සිදුව නොමැති බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

උපරිමාධිකරණයේ වායු සමනය පද්ධතිය සඳහා භාවිතා කර ඉන් ඉවත්කර තිබු  උපකරණ මෙම ගබඩාවේ තිබී ඇති බව ද අජිත් රෝහණ මහතා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ මතය සහ විදුලි ඉංජිනේරු වරයෙකුගේ මතයක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අපරාධ  පරීක්ෂණ නිලධාරීන්ට අමතරව  පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර විද්‍යාත්මක සාක්ෂි සොයා ගැනීම සඳහා කටයුතු  කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

ඡායාරූපය - ශාන්ත රත්නායක



අදහස් (4)

උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න ගැන හොයන්න සී.අයි.ඩී. කණ්ඩායම් 3 ක්

sampath Tuesday, 15 December 2020 04:24 PM

මෙ වගේ වැදගත් ස්ථානයක ගිනි නිවීමෙ උපකරණ, පුහුණු නිලධාරීන් නැද්ද? අනෙක් මර්මස්ථානවලටත් එවැනි උපකරණ සවිකර යාවත්කාලීන කරන්න.

:       2       12

naveen Tuesday, 15 December 2020 05:50 PM

ඔවුන් කියනවා. අපි අහනවා.

:       1       7

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 16 December 2020 02:58 AM

පරීක්ෂණ කණ්ඩායම් වලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්තා ලබා දෙන්න. බලපෑම් නොකරන්න. කවුරුන් හෝ මේවාට සම්බන්ධ බවට නිවැරදි ලෙස සොයාගත හොත්, ඔවුන්ට පක්ෂ, පාට නොබලා නිසි අයුරු ක්‍රියා කරන්න. රටක අධිකරණයේ ඉහළම ස්ථානයත්, මෙසේ ගිනිගන්නේ නම්, එම රටේ තත්වය ගැන තක්සේරුවක් දිය හැකිද?

:       1       11

ruwan Wednesday, 16 December 2020 03:36 AM

පරීක්ෂණ පවත්වන්න වියදම් වන සල්ලි අපරාදෙ... මොකද ඉතින් පරීක්ෂණ කළා කියලා ප්‍රතිඵලයක් නැහැනේ. මීට කළින් ඔය සී.අයි.ඩී එක කරපු පරීක්ෂණවලට මොකද වුණෙ...? මහජනතාව රවට්ටන වැඩක් විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31160 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13297 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 889 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site