IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘උද්ඝෝෂණවලට පෙර එන්නත් කරන්න උනන්දු කරමු‘‘

(අංජුල මහික වීරරත්න)

ජනතාව පාරට බස්සමින් උද්ඝෝෂණය කරවීමට වඩා එන්නත්කරණයට උනන්දු කිරීම ජාතික වගකීමක් ලෙස සළකා එකතුවී වැඩ කරමු යැයි විපක්ෂයේ සියලු පක්ෂ වලට ආරාධනා කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  පවසයි.

පක්ෂ පාටවලට නොබෙදී කොරෝනා වසංගතය පරාජය කිරීමට එකතු වන්නැයි විපක්ෂයට සිහිකැඳවීමක් කරන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.

මහා මාර්ග අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවෙි කොවිඩ් වෛරසය ආසාදනය වන්නේ පක්ෂ පාට බලලා නොවන බව මුලින්ම තේරුම් ගත යුතු බවයි.

 



අදහස් (6)

‘‘උද්ඝෝෂණවලට පෙර එන්නත් කරන්න උනන්දු කරමු‘‘

පප්ප Sunday, 01 August 2021 02:09 PM

අනේ මිනිසුන්ට තියෙන ආදරෙ. දැන් මිනිස්සු ප්‍රස්නවලට පාරට එන එක නවත්වන්න බොරු උප්පර වැට්ටි ගෙන්න එපා.

:       0       0

Perera Sunday, 01 August 2021 02:20 PM

රට විදේශිකයන්ට අරින්න තදියම තියෙන්නේ.

:       0       0

pradeepa Sunday, 01 August 2021 02:51 PM

බාර් ටිකත් මේ කාලේ වහලා තිබ්බොත් නරකද? ඕක කියන්න කළින්...

:       0       0

සමන්ත Sunday, 01 August 2021 06:57 PM

මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ ෆන් එකට නෙමේ කියලා මේ වගේ මෝඩ ඇමතියන්ට කවුරු හරි කියලා දෙනවා නම් තමයි හොඳ. අනික මේ පළාත් අතර ගමනාගමනයට ඉඩ දීලා, කෝච්චි වල, බස් වල සාඩින් ලෙවල් එකට මිනිස්සු පැක් කරලා ඩෙල්ටා පැතිරීම අස්සේ වැඩට එන්න කියන ආණ්ඩුවක මෝඩයින් කා වෙනුවෙන් ද කතා කරන්නේ කියන දේ මිනිස්සු හොඳින් දන්නවා...

:       0       0

ලලිත් එම් Sunday, 01 August 2021 08:29 PM

සමහර ඇමතිවරු නොහොබිනා කථා කීමේ ප්‍රතිඵලය තමා රජය මේ අත්විඳින්නේ. ඔලුව ඉදීමීමට නොවරදින ප්‍රතිකාරය කටඋත්තර නැතිවෙන්නම පස්ස බිම ඇනීම.තව වැඩිය ඈත නෑ.

:       0       0

Rata Perata Monday, 02 August 2021 03:19 AM

මේ වගේ කුලියට කහින අය කියන ඒවා අහන්න මිනිස්සු මෝඩ නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 217 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site