(නිමල කොඩිතුවක්කු)
එළැඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව සාධාරණ මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වලට උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ උත්සව සමයේ ජිවන වියදම් පිලිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පැවති සාකච්ඡාවකදීය.
වෙළඳපොළ තුළ අසාධාරණ ලෙස මිල වැඩිවීම්වලට ඉඩ නොතබා මිල නියාමනයක් සිදුකරමින් නිරන්තරයෙන් වෙළඳපොළ පිලිබඳව අවධානයෙන් පසුවන ලෙසත් දැනුම් දුන් ජනාධිපතිවරයා වෙළඳ පොළ මිල දර්ශක පිලිබඳ නිරන්තරයෙන් පාරිභෝගික ජනතාව දැනුවත් කරන ලෙසටද උපදෙස් ලබා දී තිබේ.
එළැඹෙන උත්සව සමයේ සතොස හරහා සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම මෙන්ම තෙල් මිල අඩුවීමේ ප‍්‍රතිලාභ වක‍්‍රකාරව පාරිභෝගිකයා වෙත ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මුදල් අමාත්‍යාංහ ලේකම් එස්. ආර්.ආටිගල යන මහත්වරුන් සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් ඇතුලු පිරිසක් මේ සඳහා එක්වූහ.
2025 නොවැම්බර් මස 21
11
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
උත්සව සමයේදී සාධාරණ මිලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න ජනතාවට අවස්ථාව සලසන්න