IMG-LOGO

උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාරවල මිළ තවත් ඉහළට?

(නිමල කොඩිතුවක්කු)

එළඹෙන උත්සව සමයේදී හාල්, පරිප්පු, සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

අමෙරිකානු ඩොලරයේ අගය පාවෙමින් තීරණය වන බැවින් මෙලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉහළ යනු ඇති බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසීය.

අමෙරිකානු ඩොලරයේ අගය පාවෙමින් ඇති අවස්ථාවක ආනයනික භාණ්ඩ වල මිල තීරණය වන්නේ කෙසේද යන්න පිළිබඳ තවමත් නිශ්චිත තීරණයකට එළඹීමට නොහැකි බවත් ලබන සතිය පමණ වන විට මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරන බවත් හෙතෙම කීවේය.



අදහස් (5)

උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාරවල මිළ තවත් ඉහළට?

බද්රානි Friday, 11 March 2022 05:09 PM

මේ ගැන අපි එතරම් කලබල විය යුතු නැහැ. ලෝකයේ පුන්නක්කු අඩුමිලට අපනයනය කරන රටක් හොයා ගැනීමයි කළ යුත්තේ. එතකොට සිංහල අවුරුදු සමයට කිරිබත් වෙනුවට " කිරි පුන්නක්කුවක්" සාදා ගැනීමට අපට හැකි වෙනවා. ඔය පාන් පිටිවලින් වගේ නෙවෙයි, පුන්නක්කු වලින් හදන කැවුම් වුණත් ගොඩක් රස වෙන්න පුළුවන්. මොනවා වුණත් දැන් අපට ජීවත් වෙන්න රටක් තියනවානේ? දියසෙන් කුමාරයත් ඉන්නවා. අර කැළණි නයා ගෙනාපු නාග මාණික්ඛයේ ආශිර්වාදයත් ලැබෙනවා. ඉතින් තව මොනවද අඩු?

:       2       16

Don perea Friday, 11 March 2022 06:22 PM

හරියට හරි... ලංකාවට හරියන කෑම...

:       0       9

Sunil Friday, 11 March 2022 06:33 PM

වෙන කවදාවත් නොතිබුණු තරම් සරුවට අවුරුදු කන්න පුළුවනි.

:       0       7

Soma dubayi Friday, 11 March 2022 06:40 PM

මේවා බොරු කතා.., අවුරුදු කාලය වෙද්දී බඩුමිල පහත වැටෙනවා, බැසිල් මහත්තයා කොහොම හරි බඩුමිල අඩු කරනවා...

:       6       1

අගුපිලගේ Friday, 11 March 2022 06:55 PM

ඔව් ඔව් ඒක හරි... මොකද ඉක්මණින් ඉන්දියාවට හා ඇමරිකාවට යනවා කියන්නේ ඒකට වෙන්න ඇති... මාස තුනකින් පාර්ලිමේන්තුවේ හිටියේත් නැතිලු. කොහොම හරි අවුරුද්දට මොනවා හරි කරයි..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 8 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site