(ඩයනා උදයංගනී)
ඉදිරි උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමට පියවර ගෙන ඇතැයි ජීවන වියදම් කමිටුව පවසයි.
ඒ අනුව දැනට රුපියල් 450-500ත් අතර පවතින වියළි මිරිස් කිලෝවක මිල අඩු කිරීම උදෙසා ආනයනික වියළි මිරිස් කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 සිට 05 දක්වා රුපියල් 20 කින් දල ආනයනික මාළු කිලෝවක් සඳහා වන රුපියල් 100ක බද්ද රුපියල් 25 දක්වා රුපියල් 75කින් ද අඩු කිරීමට ජීවන වියදම් කමිටුවේදී තීරණය කළ බව එහි සභාපති අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
ඊට අමතරව කුකුළු මස් හා බිත්තර මිල පාලනය සඳහා ඒවා ආනයනයට කිරීමටද මෙහිදී අනුමැතිය හිමිව ඇත.
රජයේ ගබඩාවන්හි පවතින වී තොග මෙට්‍රික් ටොන් 48.000ක ප්‍රමාණය සුළු හා මධ්‍යම ප්‍රමාණයේ වී මෝල් හිමියන්ට ලබාදී ඉතා ඉක්මනින් සහල් කර සතොස හරහා නාඩු කිලෝවක් රුපියල් 80ක හා සම්බා කිලෝවක් රුපියල් 85ක මිලට අලෙවි කිරීමට ද තීරණය කළ බව අමත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
මේ සැරේ උත්සව සමය වේලාසනින් මතක්වෙලා තියෙන්නේ...
ඕවා තමයි ඡන්ද ගුණ්ඩු කියන්නේ.. ඕවා අපිත් කනවා..
නොදන්න කමට අහන්නේ ... මේ දවස්වල තියන උත්සවය මොකක්ද? නත්තල් උත්සවයට තව මාස 02ක් තියනවනේ...
උත්සව සමය ඇරඹෙන්නේ දෙසැම්බර් මුල හෝදාපාළුවට ලක්වෙච්ච වත්මන් රජයේ මංගල සමරවීර ඔහුගේ අපේක්‍ෂක සජිත්ව දිනවීම පිණිස දේශපාලන අල්ලස් දෙන්නේ ඔක්තෝබර් මැද නොවැම්බර් ඡන්දය අල්ලලා දාන්න පුළුවන් හැම ගැලවිජ්ජාවක්ම දානවා ඡන්ද කොල්ලකන්න...
අම්මෝ උත්සව සමය කවද්ද ඔක්තෝබර් මාසේ ඉඳලා ආවේ? කමක් නැහැ. තව අඩු කරන්න. මොකෝ කොච්චර අඩු කළත් අපි ඔයාලට ආපහු ඡන්දය දෙනවද? නෑනේ නෑනේ...
ඡන්දයක් එන කොට කැරට් අල විකිනෙනවා.
උඩ කමෙන්ට් දාපු අය අඩු කළ මිලට බඩුගන්න එපා හොඳේ. අපි අරයට කියලා පරන ගාණටම ඉල්ලන්න.
ඇමෙරිකාවේ කිසිම වෙළඳ ද්‍රව්‍යක් රජය විකුනනෙත් නැහැ පාලනය කරන්නෙත් නැහැ. මත්පැන් සහ දුම්වැටි වර්ග අවුරුදු 21න් අඩු අයට විකිණීම තහනම්. උත්සව සමයට මෙරටේ සෑම දෙයක්ම ලාභ වෙනවා. ලබන මස 29 වෙනි දිනයට කියන්නේ කළු සිකුරාදා කියල. එසේ කියන්නේ එදිනලු රතු බැංකු ගිණුම් කළු පාටට හැරෙන්නෙ. සෑම තැනම සේල්. මෙරට ආහාරයට ගන්න දේ සැමදාම ලංකාවට වැඩිය මිලෙන් අඩුයි.
මොන ගුණ්ඩුවෙන්හරි බඩු මිල අඩු වෙනවානම් අපිනම් කැමති
බදු මිල අඩු කරන එක නම් හොඳයි. පසුගිය ජනාධිපතිවරනයේදී මහින්ද මහත්තයගේ පැත්තෙන් බෙදුව වගේ සිල් රෙදි, දින දර්ශන. ලිත් ගැස් ලිප්, බ්ලොක් ගල් මැෂින් ,ඉඳි අප්පා තට්ටු, වංගෙඩි, මෝල්ගස් බෙදන්නේ නැතුව.
අපි නම් හොඳට කන්න ඕන නිසා සජිත් මහතාට ඡන්දේ දෙනවා.
කපිල… ඔයාලගේ ආණ්ඩුවේ අඩු කරන බඩු අනික් අයට ගන්න එපානම්. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරත් ඔයාලම කන්න. ඔයාලගේ ආණ්ඩුවේනේ. මට දුක මමත් මේ ආණ්ඩුවට ඡන්දේ දීපු එක.
මේ කියන්නේ ලෝක ළමා දින උත්සවයද ?
උත්සව කාලෙට විතරද බඩු මිල අඩුකරන්න ඕන? අනිත් කාලෙට වැඩි මිලටද? නාඩගම් ඡන්ද ගුණ්ඩු.