IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


උතුරේ නිවාස හදන චීන - ශ්‍රී ලංකා ගිවිසුම ඉවතට

කොළඹදීය (රොයිටර්)
 
උතුරු හා නැගෙනහිර පළාත්වල නිවාස ඉදි කිරීම සඳහා චීනය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට ගත් තීරණය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත.
 
ඒ වෙනුවට ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතාගේ ඉන්දීය සංචාරයට දින කිහිපයක් තිබියදී එම තීරණය ගෙන තිබේ. 
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා (20) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලයක සිට ද්විපාර්ශවීය සබඳතා පවතී. දෙරටේ තිබෙන සංස්කෘතික සබඳතා සහ මෙරට උතුරු හා නැගෙනහිර පළාත්වල දමිළ ජනතාවගේ වාර්ගික සබඳතා එම දිගුකාලීන සබඳතාවලට මූලික හේතුවකි. 
 
යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 40,000ක් ඉදි කිරීම සඳහා චීන රජයට අයත් ‘චයිනා රේල්වේ බීජිං ඉංජිනියරින් ගෲප්” සමාගම පසුගිය අප්‍රේල් මාසයේදී ටෙන්ඩරයක් දිනාගත්තේය. නිවාස ඉදි කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 300ක මුදලක් වැය වන බව ඇස්තමේන්තු කර තිබූ අතර චීනයේ අපනයන ආනයන බැංකුව (එක්සිම් බැංකුව) ඊට අරමුදල් සැපයීමට නියමිතව තිබිණි.
 
යාපනය දිස්ත්‍රික්කයේ නිවැසියන් ගඩොලින් ඉදි කළ නිවාස ඉල්ලීමත් සමඟ අදාළ ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දමන ලදි. යාපනයේ වැසියෝ ඔවුන්ට සාම්ප්‍රදායිකව ඉදි කරන අයුරින් ගඩොල් භාවිත කරමින් නිවාස ඉදි කර දෙන්නැයි ඉල්ලූහ. 
 
චීන සමාගම නිවාස සමාගම කොන්ක්‍රීට් භාවිත කරමින් අදාළ නිවාස ඉදි කිරීමට සැලසුම් කර තිබිණි. 
 
රුපියල් බිලියන 35.8ක වියදමින් (එක්සත් ජනපද ඩොලර් මිලියන 210) නිවාස 28,000ක් ඉදි කිරීමේ නව යෝජනාවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බදාදා (17) පැවැසීය.
 
 ඒ අනුව ඉන්දියාවේ ‘එන්.ඩී. එන්ටර්ප්‍රයිසස්’ සමාගම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල ශ්‍රී ලංකික සමාගම් දෙකක් එක්ව අදාළ නිවාස ඉදි කිරීමට නියමිතව ඇත. නිවාස 65,000කට අවශ්‍යතාවක් ඇති බවත් අදාළ නිවාස ඉදි කෙරෙන්නේ අදාළ අවශ්‍යතාවයෙන් කොටසක් සැපිරීමට බවත් අමාත්‍යවරයා කීය. 
 
“ඉතිරි නිවාස අඩු මිලකට ඉදි කිරීමට සූදානම් සමාගමකට ලබා දෙනවා” යැයි අමාත්‍යවරයා කොළඹදී ප්‍රකාශ කළේය. ඉතිරි නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘති සඳහා චීනය ද සැලකිල්ලට ගන්නා බව ද අමාත්‍යවරයා කීවේය. 
 
 
ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව සමාන අවස්ථා මත පදනම් වන්නක් බවත් ඉදිරියේදී ද දෙරට අතර හොඳ සබඳතාවක් පවත්වාගෙන යන බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලී කැන්ග් බ්‍රහස්පතින්දා (18) බීජිං නුවරදී ප්‍රකාශ කළේය.
 
 චීන - ශ්‍රී ලංකා සහයෝගීතාව කිසිදු පෞද්ගලික මත හෝ අදහස් මත යැපෙන්නක් නොවන බවත් එම සහයෝගීතාව කිසිදු බලපෑමකින් තොර ස්වාධීනව ගොඩනැගුණු එකක් බවත් ඔහු කීවේය. 
 
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන වරාය ව්‍යාපෘතිය සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති රට ණය උගුලකට ගෙන යන්නේ යැයි ඇතැම් පාර්ශව චෝදනා කරති. 
තිස් වසරක සිවිල් යුද්ධයෙන් පසු ක්‍රියාත්මක වූ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේ පළමු අදියර යටතේ ඉන්දියාව උතුරේ නිවාස 44,000ක් ඉදි කළේය. 
 
යුද්ධයෙන් දරුණු ලෙස හානි වූ පලාලි ගුවන් තොටුපොළ සහ කන්කසන්තුරේ වරාය නැවත ඉදි කිරීමට ද චීනය සැලසුම් කර ඇත.
 
 
කෙසේ නමුත් චීනය මැදිහත් වී ශ්‍රී ලංකාව තුළ මහාමාර්ග, වරාය සහ බලාගාර ඉදි කරමින් සිටියි. එය චීනයේ ආසියාවේ මිත්‍ර වරාය අතර ජාලයක් ගොඩනැගීමේ උපායමාර්ගයේ එක් කොටසකි. 
 
ඉන්දියාව මේ පිළිබඳව සැළකිලිමත් වී ඇත. මේ නිසා තම දකුණු දිග මුහුදු තීරයේ වැඩිවෙමින් තිබෙන චීන සාගර ක්‍රියාකාරකම් හා බලපෑම් අවම කිරීමට ඉන්දියාව උත්සාහ කරමින් සිටී. 

(055)


 



අදහස් (3)

උතුරේ නිවාස හදන චීන - ශ්‍රී ලංකා ගිවිසුම ඉවතට

ලුම්බිණි Friday, 19 October 2018 09:39 AM

චීන රජයට අයත් ‘චයිනා රේල්වේ බීජිං ඉංජිනියරින් ගෲප්” සමාගම පසුගිය අප්‍රේල් මාසයේදී ටෙන්ඩරයක් දිනා ගත්ත නම් දැන් එක නැවත්තුවම වන්දි ගෙවන්න වේවි නේ

:       0       24

සතයපාල Friday, 19 October 2018 01:42 PM

චීනයට හෝ ඉන්දියාවට නොදී ලංකාවේ සමාගම් කිහිපයකට මෙම ටෙන්ඩරය දුන්නා නම් මීට වැඩිය අඩු මුදලකට මේ වැඩේ කරගන්න තිබුණා. අනික ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක රැකියා ලැබෙනවා. දැන් ඉන්දියාවෙනුයි, චීනයෙනුයි දහස් ගණන් කම්කරුවන් ලංකාවට එයි.

:       0       19

ධනුෂ්ක Friday, 19 October 2018 02:14 PM

කෝටි 150කට අධික ජනතාවක් වෙසෙන ඉන්දියාවට කෝටි දෙකක් පමණ ජනතාවක් වෙසෙන ලංකාව හොඳ වෙළඳපලක්... අැත්තම කිව්වොත් අපි ඉන්දියානු ජනතාවගෙන් කෝටි හතරක්වත් බලා ගන්නවා. මෙවන් තත්වයක් තුළ ඉන්දියාව අපට ස්වයංපෝෂිත වීමට හෝ සංවර්ධනයවීමට කිසිලෙසකින් ඉඩ තබන්නේ නැත. සංවර්ධනය වීමට ඉඩදෙන්නේ ඔවුන්ගෙන් මිලදී ගැනීමේ හැකියාවේ සීමාවට පමණි. ඔවුන්හට ලංකාවට වැටෙන වැස්සවුවත් පාලනය කල හැක. බව භෝගවල පැවැත්ම පාලනය කළ හැක. දේශපාලනය පාලනය කළ හැක.. මේ රට ස්වයංපෝෂිත හෝ සංවර්ධනය කිරීමට හැකි අාණ්ඩුවකට හෝ පාලකයකුට පත්වීමට හෝ පත්වී පැවතීමට ඔවුන් ඉඩ නොතබනු අැත. පැවැති හා පවතින පාලනයන් දෙක තට්ටු මාරුවට ඔවුන් අාරක්ෂා කරනු අැත. මෙයත් ඔවුන්ගේ බල දේශපාලනයේ එක් සිදුවීමක්...

:       0       118

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 959 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1023 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site