IMG-LOGO

උතුරට නිවාස 50,000ක් - තමිල්නාඩු අවතැන් කඳවුරුවල අයටත් මුල්තැන

විනීතා එම් ගමගේ
 
උතුරේ හා  නැගෙනහිර අවතැන්වූවන් සඳහා නිවාස 50,000 ක් ඉදිකර දීමේ වැඩ පිළිවෙලේ මුල් කොටස වශයෙන් නිවාස 15000 ක් ඉදිකිරීම ආරම්භ කළ බව නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුරේ සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා ප‍්‍රකාශ කළේය.
 
මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද මෙම නිවාස ඉදිකිරීම් සඳහා තම අමාත්‍යංශය ඍජුවම මැදිහත් වන බවද අභ්‍යන්තර අවතැන්වූවන් හා තමිල්නාඩුවේ අනාථ කඳවුරුවලට ගිය පිරිස් සඳහා ප‍්‍රමුඛත්වය දෙන බව ද හෙතෙම කියා සිටියේය.
 
එමෙන්ම සම්පූර්ණයෙන්ම විනාශ වූ අයටත් අතුරුදන් වූවන් ගේ පවුල් වලට හා   පුනරුත්ථාපනය කර සමාජ ගත කළ අයගේ පවුල්වලටත් , දරිද්‍රතාවයේ ගිලී සිටින අයටත් මෙහි දී ප‍්‍රමුඛත්වය දෙන බව කී අමාත්‍යවරයා දිසා ලේකම් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ ලකුණු දිමේ ක‍්‍රමයක් මත මොවුන්ට ප‍්‍රමුඛතාව ලබා දෙන බවත් පැවසීය. 
 
නිවාස 15000 සඳහා මේ  වනවිටත් මුදල් ලැබී ඇතැයි ද එයින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව ද පැවසු දේවනන්දා මහතා උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ පාරවල් ඉදිකිරීම ද මීට සමාන්තරව ආරම්භ කරන බව කීය. යුද්ධය නිසා කැඩී බිඳී ගිය කෝවිල් ප‍්‍රතිසංස්කරණය කිරීමට ද විශේෂ අවධානයක් යොමු කරන බව ද මේ වනවිටත් ප‍්‍රමුඛතාව දිය යුතු කෝවිල් තෝරාගන්නා බව ද ඔහු සඳහන් කළේය. 
 
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යංශයේ අද (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
 එම මාධ්‍ය හමුවට නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුරේ සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් සහ අමාත්‍යංශ ලේකම් බී සිවඥාණසෝති  යන මහත්වරු ද සහභාගි වූහ. 



අදහස් (5)

උතුරට නිවාස 50,000ක් - තමිල්නාඩු අවතැන් කඳවුරුවල අයටත් මුල්තැන

සෙනෙවි Wednesday, 07 November 2018 01:54 PM

කලයුතු ප්‍රමුඛතම කාර්යයකි. සාර්ථකව අවසන් කළහැකි වේවා.

:       158       186

ටි ඉන්දික Wednesday, 07 November 2018 03:37 PM

මහින්ද ඉන්න කාලේනේ මෙයාට ඒවා කරන්න හොඳම අවස්ථාව තිබ්බේ..දැන් මේ බොරු සෝබනයක් දානවා කියලා පැහැදිලිවම පේනවා...

:       28       126

sirimal Wednesday, 07 November 2018 05:36 PM

අහස පොලව එකතු කරලා ගැට ගහල දෙනවා කියල පොරොන්දු උනේ නැද්ද?

:       6       100

BamunuarachchiThursday, 08 November 2018 04:07 AM

ඔය පොරොන්දු වෙන්නේ අපිට නොවෙයිනේ, ඉතින් අපි ඇයි කලබල වෙන්නේ. පොරොන්දු ඉෂ්ටකලත් එකයි නැතතත් එකයි. හැබැයි අපේ සල්ලි වලින් නොවෙයි.

:       50       0

aseThursday, 08 November 2018 07:39 AM

එහෙනම් කව්ද? ජඩකම දැනටම පේනවා නේද? වරදිනකොට අපි නොවේ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site