IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


උත්තරදේවී අද සිට තඹුත්තේගමත් නවත්වයි

(දයාරත්න ඇඹෝගම)
 
මෙතෙක් සීමිත ස්ථාන කිහිපයක පමණක් නවතන ලද උත්තරදේවී ශීඝ්‍රගාමී දුම්රිය  අද(15) සිට  තඹුත්තේගමදී නැවැත්වීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
 
හිටපු රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගෙන් තඹුත්තේගම වෙළඳ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් කළ ඉල්ලීමකට අනුව ඒ මහතාගේ මැදිහත්වීමෙන් මගී ප්‍රවාහන කළමනාකරණය සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යය මහින්ද අමරවීර මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගෙනතිබේ.
 
සෑම දිනකම කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන මෙම දුම්රිය අද(15) උදෑසන පෙරවරු 9.43ට  තඹුත්තේගම දුම්රිය ස්ථානයේ ප්‍රථම වරට නැවැත්වීය.
 
උදෑසන 9.43 ට හා පෙරවරු 11.50 ට කොළඹ කොටුවෙන් ආරම්භ වන උත්තර දේවී ශීඝ්‍රගාමී දුම්රිය නැවත සවස 3.00 ට තඹුත්තේගම දුම්රිය ස්ථානයෙන් නැවැත්වීමට කටයුතු යොදා ඇත.එම දුම්රිය ගල්ගමුව, මහව, කුරුණෑගල , පොල්ගහවෙල යන දුම්රිය ස්ථානයන්හිදී  නැවැත් වේ.

මෙම අවස්ථාවට අනුරාධපුර දුම්රිය අධිකාරී සී.පී.පී දිසානායක මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.



අදහස් (5)

උත්තරදේවී අද සිට තඹුත්තේගමත් නවත්වයි

Upul Gunaratne Sunday, 15 March 2020 10:50 AM

මේ වගේ හික්කඩුව දුම්රිය ගාල්ලට දික්කරන්න.

:       0       2

sachith Sunday, 15 March 2020 11:27 AM

කැලණිවැලි දුම්රිය මාර්ගයට කරුමෙකට වෙලා තියෙන්නේ මේක තමයි. කෝච්චිය නවත්තනවා මගීන් නැති තැන්වලත්... සමහර ඒවායේ එක්කෙනයි, දෙන්නයි නගින්නේ, බහින්නේ...

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 15 March 2020 11:41 AM

මේ සියලු දෙනා ප්ලැට් ෆෝම් ටිකට් අරගෙනද ඉන්නේ...? නැතිනම් දඩ ගැසිය යුුතුයි.

:       0       2

kap Sunday, 15 March 2020 11:55 AM

කෝච්චියක් ස්ටේෂමක නවත්වා ගන්නත් උත්සව පවත්වන රටක් මේක... හැම අැමතියාම තමන්ගේ පළාතේ තියෙන ස්ටේෂමේ කොච්චි නවත්තන්න කියලා ඉල්ලුවොත්, සීඝ්‍රගාමි, කෙලින්ම මන්දගාමී වෙනවා...

:       0       1

විදුරුවන් Sunday, 15 March 2020 12:21 PM

මෙයා නේද සබීතා බිල්ඩිම ගත්තේ? මේ උත්සවයට කීයක් ගියාද දන්නේ නැහැ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 554 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 489 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site