(රංජන් කස්තුරි)
උණ රෝගීන්ට ඇස්ප්‍රීන් ඇතුළු වේදනානාශක ලබාදීමෙන් වළකින්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍යවරුන්ට සිහිකැඳවීමක් කර තිබේ.
මේ අතර උණ රෝගීන් ද ඇස්ප්‍රීන් හෝ වේදනානාශක හෝ ලබා නොගත යුතු බවත් වෛද්‍යවරුන් තමාට ලබාදෙන ඖෂධ පිළිබඳව සැළකිලිමත් විය යුතු බවටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අනතුරු ඇඟවීමක් කර තිබේ.
උණ රෝගීන් ඇස්ප්‍රීන් ඇතුළු වේදනා නාශක ලබාගත හොත් එම රෝගී තත්වය උත්සන්න විය හැකි අතර ඩෙංගු රෝගීයකු එම ඖෂධ ලබාගත හොත් මරණයට පවා පත්වීමේ අවදානමක් පවතින බවද සෞඛ්‍ය සේනා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනතුරු ඇඟවීමේ සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද හොඳයි කියනවා,හෙට නරකයි කියනවා. මේ වෛද්‍ය ක්‍රමයත් අපව විනාස කරන්නම හදපු එකක්.
අධ්‍යක්ෂවරයා උපදෙස් ලබා දෙන්නෙ වෛද්‍යවරුන්ටයි. මෙය මහා විහිළුවක් ආරක්ෂක අංශ කෙරෙහි ජනනතාවට අවිස්වාසයක් ඇති වූවා සේම සෙෘඛ්‍ය අංශය කෙරෙහිත් ජනතාවගේ විශ්වාසය බිද වට්ටන්න එපා. වෛද්‍යවරුන් දන්නවා දිය යුතු බෙහෙත් ගැන. ඇයි මෙහෙම අනවශ්‍ය දේ ප්‍රකාශ කොට නැති බියවල් ඇති කරන්නෙ
විශේෂයෙන්ම වෛද්‍යවරු ඉතාම කුඩා දරුවන් හට ඇස්ප්‍රීන් දීමේදී පරිස්සම් විය කරුණ නම් සමහර දරුවන් ඇස්ප්‍රීන් වලට අසාත්මිකතාවය (Allergic ) හඳුනාගෙන නැතිනම් අනුමත නොකළ යුතුය. ඇස්ප්‍රීන් අසාත්මිකතාවය මරණයට පවා හේතුවිය හැකිය. මගේ දරුවට මාස දහයේ පමණ කාලයේදී තමයි ඇස්ප්‍රීන් වලට ඇලජික් කියලා දැනගත්තේ. තවමත් ඔහු ඇස්ප්‍රීන් වලට ඇලජික්. අනෙත් කරුණ තමයි කිසිම වෛද්‍යවරයෙක් ප්‍රතිකාර ගැනීමට පෙර රෝගියකු පැමිණිවිට බෙහෙත් වලට ඇලජික් තියන බව ප්‍රශ්න කරන්නේ නැති බව. මම මෙම අදහස ලියන්නේ කිසිම වෛද්‍යවරයකුට දොස් පැවරීමට නොවය. මගේ අත්දැකීම අනෙත් අයට වටහා දීමටය. ස්තුතියි
මෙතන කමෙන්ට් දමලා තියන මහත්තුරු මේ ප්‍රශ්නයේ කොනක් අල්ලාගෙන තියෙන්නේ... පළමුවෙන්ම කියන්න තියෙන්නේ සමහර බෙහෙත් වර්ග දිගු කාලයක් පාවිච්චි කරාම තමයි ඒවායේ එන අතුරු ආබාධ, ආසාත්මිකතා එළියට එන්නේ. (මෙහෙම එළියට දාන බටහිර බෙහෙතුත් ආවට ගියාට එළියට දමන්නේත් නැහැ. දීර්ඝ කාලීන විවිධ මට්ටම්වල පරීක්ෂණ වලින් පසුව තමයි නිකුත් කරන්නේ..) පස්සේ යම් ප්‍රශ්නයක් දැක්කම බෙහෙත අයින් කරගන්නවා. දෙවෙනි එක මේක ජනතාව බිය වද්දන අනවශ්‍ය ප්‍රකාශයක් නෙමෙයි. ඕනෑම "සුදුසුකම් ලත් " වෛද්‍යවරයෙක් දන්නවා මේ දවස්වල උණට ස්ටිරොයිඩ් කාණ්ඩයේ බෙහෙත් නොදෙන බව (ඩෙංගු රක්තපාතයේදී ඇතිවන ලේ ගැලීම් මේ බෙහෙත් නිසා වැඩිවෙනවා... වැරදි රෝග විනිශ්චයවලට එන්න පුළුවන්) මේක සාමාන්‍ය ජනතාව දැනගත යුතුම දෙයක්.. මොකද අපේ රටේ" ගොඩ වෙද්දුන්ගේ " උපදෙස් මත ඕනෑම බෙහෙතක් ෆාමසියෙන් ඉල්ලාගන්න පුළුවන් තුණ්ඩු ඕනෑ නැහැ. ඉතින් ඩෙංගු තියන ලෙඩෙකුට ස්ටෝරොයිඩ් ගණයේ බෙහෙත් ලේ ගැලීම් වැඩි කරනවා. තෙවැනි එක කුඩා දරුවන්ට ඇස්ප්‍රින් නොදීම.. මේක "රේ" සින්ඩ්‍රෝමය කියන තත්වය.. ඕනෑම වයස 12ට අඩු දරුවන්ට ඇස්ප්‍රීන් දෙන්නේ නැහැ. මේක අසාත්මිකතාවය සමග පටලවා ගන්න එපා...