IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


’උඩුගම්පොළ අලයා’ දින7ක් රඳවා ප්‍රශ්න කරන්න අවසර

(ටෝනි කරුණානායක)

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක ගනේමුල්ලේ සංජීව නැමැති පාතාල නායකයාගේ ප්‍රධාන  ගෝලයකු යැයි කියන ගම්පහ උඩුගම්පොළ අලයා යන නමින් අනුවර්තන නාමයෙන් හදුන්වනු ලබන සැකකරුව ලබන 13 වෙනිදා දක්වා (දින07ක්)පෑලියගොඩ කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ රඳවා ප්‍රශ්න කිරීම සඳහා ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (06)අවසර ලබා දුන්නේය .

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ට ලැබුණු තොරතුරක් මත බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති, පොලිස් පරීක්ෂක අජිත් සේනානායක, උප පොලිස් පරීක්ෂක කපුරු බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරුව ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ ( 05 )වෙනිදා සවස  හෙරොයින් ග්‍රෑම්  10 ක් සමග අත් අඩංගුවට ගන්නා ලදී.

සැකකරු ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවල දී කළ මිනිස් ඝාතන, කප්පම් ගැනීම් සහ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා සැකකරුව රඳවා විමර්ශනය කිරීමට අවසර ලබා දෙන ලෙස පොලීසිය අධිකරණය හමුවේ අද ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීමට ඉඩ දුන් මහෙස්ත්‍රාත්වරයා පරීක්ෂණ අවසන් වූ වහාම සැකකරුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට වැඩිදුරටත් නියම කළේය.



අදහස් (1)

’උඩුගම්පොළ අලයා’ දින7ක් රඳවා ප්‍රශ්න කරන්න අවසර

Buddika Monday, 06 July 2020 01:02 PM

එතකොට අර මේ දවස්වල එක එක ලොකු කතාකියන උඩුගම්පළ මෙයාගේ නෑදෑයෙක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site