
(විනීතා එම් ගමගේ)
සේවා නියුක්තියන්ගේ අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ මුදල් සඳහා ඉකුත් වසර වෙනුවෙන් ගෙවන පොලිය 8%ක් දක්වා අඩුවී ඇත.
2018 වසරේ එම මුදල් සඳහා ගෙවනු ලැබූ පොලිය වූයේ 9% ක් බවත්, එය ඉකුත් වසරේ 8%ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත්, සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (සාමාජික සේවා) ටී. මල්ලිකාරච්චි මහතා ලංකාදීපයට අද (28) පැවසීය.
මේ අතර එම අරමුදල බරපතල කඩාවැටීමකට ලක්ව ඇතැයි පෙන්වා දෙමින් එහි වෘත්තිය සමිතියක් වන ඊටීඑෆ් සුරැකීමේ සේවක සංගමය ජනාධිපතිවරයාට ලිපියක් ද යවා ඇත.
මෙම අරමුදල කඩාවැටීමකට ලක්ව ඇතැයි මේ වනවිට පැහැදිව පෙනී යන බැවින් ඉක්මණින්ම මූල්‍ය ක්‍ෂේත්‍රයේ ඉහළම දැනුමක් ඇති අයෙකු අරමුදලේ ඉහළ තනතුරකට පත් කරන්නැයි ඊ ටී එෆ් සුරැකීමේ සේවක සංගමය ජනාධිපතිවරයාට යවන ලද ලිපියෙන් ඉල්ලීමක් කර ඇත.
මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලය සාමජිකත්වය ලක්ෂ 25 ක් ඉක්මවා ඇති බවත් රුපියල් බිලියන 350 ඉක්මවූ මුදලක් ඇති බවත් පෙන්වා දී ඇති එම සංගමය දැනට වසර 15 කට අධික කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති සාමාන්‍යධිකාරි තනතුර පිරවීමට කටයුතු කරන්නැයි ද ඉල්ලා ඇත.
මේ වනවිට සාමාන්‍යධිකාරි තනතුර වෙනුවට ක්‍රියාත්මක අතිරේක සාමාන්‍යධිකාරි තනතුරට හෝ මූල්‍ය ක්‍ෂෙත්‍රයේ පුළුල් දැනුමක් ඇති පුද්ගලයකු පත්කර ඉක්මණින්ම අරමුදලේ කටයුතු ප්‍රතිසංවිධානය කරන්නට කටයුතු කරන්නැයි ද එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
මෙම කඩාවැටීමට ප්‍රධාන වශයෙන් වගකිව යුතු නිලධාරින් කිහිපදෙනෙකු ද ආයතනය තුළ සිටින බැවින්, ඉතා ඉක්මණින් මෙම ආයතනය බේරාගැනීමට මැදිහත් විය යුතු යැයි ද ඊටීඑෆ් රැකගැනීමේ සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
එම සංගමයේ සභාපති සාගර හේවාගම මහතාගේ අස්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ පිටපත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, විගණකාධිපතිවරයා, සේවා නියුක්තියන්ගේ අරමුදලේ සභාපතිවරයා මෙන්ම එහි සියලුම අධ්‍යක්ෂවරුන් වෙත ද යවා ඇත.
COMMENTS
වයස අවුරුදු 60 න් පසු එක් ආරක්ෂාවක් පමණි. එහෙත් රජයේ නොවන සේවකයින්ට විශ්‍රාම වැටුපක් ඇත. පසුගිය වසරේදී ආරක්ෂක ආයෝජන නොමැතිව අපගේ අරමුදල් ආයෝජනය නොකරන්න 54,000,0000,0000 ක් අහිමි විය. ඔවුන්ට සියලු ප්‍රතිලාභ සහ විශ්‍රාම වැටුප ලැබෙන්නේ මන්දැයි නොදනී. මගේ යෝජනාව වන්නේ ප්‍රයිවට් සමාගම් ආයෝජනය නොකරන්න.
නක්ෂත්‍රය හොඳින් දන්නා කෙනෙක් නැවත පත් කිරීම අත්‍යවශ්‍යයි.
රජයේ සේවකයින් සහ ඊටිඑෆ් වලට දායක වන ලක්ෂ සංඛ්‍යාත සේවකයිනි, මේ රජයේ නොහැකියාව ඔබලාට නොපෙනේද.? ඔබසැමට සජිත්ගේ අවංක පිහිට පමණයි ඉතිරිව ඇත්තේ. මේ පවතින රාජපක්ෂ මැදමුලන බයි රජය බලයට පත්වුනොත් 8% නොව 2% ක පොලියට වුව ඔබලාට රස්සාව කිරීමට සිදුවේ. ඒ හමුදාවේ බලයට ඔබ සැම යටත් වන බැවිනි. ඔබේ කතිරයෙන් පමණක් ඔබේ අයිතිවාසිකම් රැකගැනීමට හැකියාව ඇත.
ඕකට බලයට ආපු දා පටන් වැඩේ දෙන්න කෙළ ගිල ගිල හිටියේ.
තව අවුරුද්දක් යන්න කළින් ඔය සල්ලිවලට දෙනවා මේ ආණ්ඩුව..